එතන තමා පොට් එක..එතනින් තමයි බඩු දෙන්නේ..ලද තොරතුරෙන් දෙන්නෙක් දැලේ...
By Piyumika
මනුෂ්‍ය ඝාතන ඇතුළු සංවිධානාත්මක අපරාධ සඳහා කුලී පදනම මත ලබාදීමට සූදානම් කර තිබූ යතුරුපැදි තුනක් සමග පුද්ගලයන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ ප්‍රදේශයේ පදිංචි 27සහ 32 වයසේ පසුවන දෙදෙනෙක් බව පොලීසිය කියයි
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකරන සංවිධානාත්මක අපරාධ සඳහා කුලී පදනම මත යතුරු පැදි ලබාදෙන ස්ථානයක් පිළිබඳව ලද තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මාදම්පේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයඑන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
You may like this video