88 පුරුදු තාම අමතකවෙලා නෑ වගේ..? - අනුර කුමාරගෙන් උතුරට තර්ජන?

Anura Kumara Dissanayaka Ranil Wickremesinghe
By Wayomi Sep 09, 2024 01:39 PM GMT
Wayomi

Wayomi

Report

 අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රමවේදය අනුගමනය කරමින් දකුණේ මෙන්ම උතුරේ ජනතාවද බිය වැද්දීමට පටන්ගෙන තිබෙන බවත් “දකුණේ වෙනසක් සඳහා ජනතාව පෙළ ගැසී සිටියදී එම වෙනසට එරෙහිවූවන් බවට උතුරේ ජනතාව පත්වුවහොත් දකුණේ ජනතාව තුළ කුමන මනෝභාවයක් ඇතිවේදැයි සිතන්න” ලෙස ඔහු උතුරේ ජනතාවට කළ තර්ජනය තමා හෙළා දකින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙම තර්ජනය කිරීම සම්බන්ධව අනුර කුමාර දිසානායක උතුරේ ජනතාවගෙන් සමාව ගත යුතු බවත්, ඒ සඳහා දකුණේ ජනතාවගේ නම භාවිතා කිරීම වෙනුවෙන් දකුණේ ජනතාවගෙන් ද ඔහු සමාව ගත යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කරනවා.

ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.

ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ පසුගියදා යාපනය වඩ්ඩුකොඩිහි පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ අනුර කුමාර දිසානයක ගෙන එන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිවලට අද රට තුළ ඉඩක් නොමැති බවත් ඔහු කිසිසේත් ජනාධිපතිවරණය ජයග්‍රහණය නොකරන බවත්ය.

සජිත් ප්‍රේමදාස විපක්ෂනායක ධූරයේ වගකීම ඉටුකළා නම් අනුර දිසානායකලා රට තුළ නිර්මාණය නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සජිත් වැනි නායකයන්ට රටේ අනාගතය භාරදිය නොහැකි බවද ප්‍රකාශ කළා.

සැප්තැම්බර්16 -17 නිවාඩුවට අමතරව තවත් දවස් 3ක් දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු?

සැප්තැම්බර්16 -17 නිවාඩුවට අමතරව තවත් දවස් 3ක් දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු?


උතුරේ සංවර්ධනය සහ ඒ වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩසටහන් පිළිබඳවද මෙහිදී ජනතාව දැනුවත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළාත් සංවර්ධනයේදී පළාත් සභා 09ට විශාල සංවර්ධන බලයක් ලබාදීමට කටයුතු කරන බවද කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ,

"වසර දෙකකට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකිවනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ. එදා අපට ගෑස් පෝලිම්, ඖෂධ හා ඉන්ධන පෝලිම්වල රස්තියාදු වීමට සිදු වුණා. ඡන්දයක් ගැන හිතන්නවත් බැරි වුණා. තමන්ගේ එදිනෙදා ජීවිතය පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දුන්නා.

මම ජනාධිපති ධූරය භාරගත්තේ රටේ අර්ථිකය ස්ථාවර කර මේ වසර දෙක අවසන් වන විට ජනාධිපතිවරණය පැවැත්වීමටයි. අද මෙම 2024 වන විට මට මැතිවරණයක් පැවැත්විමට හැකි වී තිබෙනවා. මම රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කර දැන් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යමින් සිටිනවා. එම අනාගත සංකල්පය “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහනයි.

එදා මේ වගකීම භාර ගැනීමට සජිත් සහ අනුර හිටියේ නැහැ. දෙන්නම පැනලා ගියා. අපිත් පැනලා ගියානම් අද මේ මැතිවරණය පවත්වන්න අපිට රටක් තිබෙනවාද. ඒ නිසා සජිත් හා අනුර මැතිවරණ වේදිකාවල ඒ අයගේ කතා පටන් ගන්න කළින් මට ස්තූති කළ යුතුයි.

අප පසුකළේ පහසු කාල පරිච්ඡේදයක් නොවෙයි. අපට තවමත් අසීරුයි. ප්‍රශ්න තිබෙනවා. නමුත් අනාගතය පිළිබඳ හොඳ බලාපොරොත්තුවක් තිබෙනවා. එම බලාපොරොත්තුව ආරක්ෂා කර ගැනීම සඳහා මා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර මෙරට ආර්ථිකයට දරා ගත නොහැකිව තිබු ණය බර අපි අඩු කරගත්තා. ඒ වගේම ජනතාවට ජීවන බර පිළිබඳ ගැටළුවකට මුහුණ දීමට සිදු වුණා. නමුත් ක්‍රමාණූකූලව අද අප එම ජීවන බර අඩු කරමින් සිටිනවා. රටේ අර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කිරීමත් සමඟ අපි රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළා. උදය ආර්. සෙනෙවිරත්න කමිටු වාර්තාව අනුව ඉදිරියේ දී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අප කටයුතු කරනවා.

රාජ්‍ය සේවකයින්ගේ විදේශ නිවාඩු සඳහා නව චක්‍රලේඛයක්.. - මූලික නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්.

රාජ්‍ය සේවකයින්ගේ විදේශ නිවාඩු සඳහා නව චක්‍රලේඛයක්.. - මූලික නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්.


අප අස්වැසුම වැඩසටහන ගෙනවිත් සමෘද්ධිය මෙන් තුන් ගුණයක් ප්‍රතිලාභ ජනතාවට ලබා දුන්නා. විශ්‍රාම වැටුප් වැඩි කළා. අබාධිත ප්‍රජාවගේ දීමනා වැඩි කළා. මේ අයුරින් සියලු ආධාර මුදල් වැඩි කර තිබෙනවා. ආර්ථිකය ශක්තිමත්වීම නිසා අපට මෙම පියවර ගැනීමට හැකි වුණා.

අද බඩු මිල අඩු වී තිබෙනවා. නමුත් අප ජනතාවට තවත් සහන ලබාදිය යුතුයි. 2025 වසර තුළ මෙම වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. රුපියල ශක්තිමත්වීම සමඟ ජනතාවට සහන ලබාදීමට අපට හැකි වෙනවා.

අපි ලංකාවට හොඳම කෘෂි තාක්ෂණය ගෙනවිත් තිබෙනවා. වැඩිවන ලෝක ජනතාවට අවශ්‍ය ආහාර සැපයීමට අප සූදානම් විය යුතුයි. අප මේ ප්‍රදේශවල වී වගාව දියුණු කළ යුතුයි. ප්‍රධාන කෘෂිකර්ම පළාතක් ලෙස අප උතුරු පළාතට එම වාසිය ලබා දිය යුතුයි. ඒ වගේම උතුරේ නව අයෝජන කලාප ඇති කිරීමටත් සංචාරක කර්මාන්තයේ දියුණුවක් ඇති කිරිමටත් අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි යාපනයට ගංගාවක් කියන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මෙම පළාතේ ඩිජිටල් මධ්‍යස්ථාන ඇති කිරීමට කටයුතු කරනවා.

මෙම වැඩකටයතු මහා ආණ්ඩුවට තනිව කරන්න බැහැ. ඒ නිසා පළාත් සභා 09ට එම බලතල සමඟ විශාල සංවර්ධන බලයක් මම ලබා දෙනවා. ඒ වෙනුවෙන් පළාත් සභා මණ්ඩල වැනි ආයතන ද අපි ඇති කරනවා. මම ඔබ හමුවට ආවේ මෙම කටයුතු ඉදිරියට ගෙන යාමේ ජනවරම ඉල්ලීමටයි.

ඔබේ ඡන්දය ඉල්ලන්න අනුර දිසානායකත් මෙහි පැමිණියා. ඔහු කිව්වේ “දකුණේ වෙනසක් සඳහා ජනතාව පෙළ ගැසී සිටියදී එම වෙනසට එරෙහිවුවන් බවට ඔබ පත්වුවහොත් කුමන මනෝ භාවයක් දකුණේ ජනතාව තුළ ස්ථාපිත වේදැයි සිතන්න. ඒ වෙනසට විරුද්ධ වූවන් ලෙස යාපනය හඳුන්වනවාට ඔබ කැමතිද, උතුර හදුන්වනවාට ඔබ කැමතිද, අප ජයග්‍රහණය කරනවා. හැබැයි එම ජයග්‍රහණයේ පංගුකරුවන් බවට ඔබ පත්විය යුතුයි. ඊට එරෙහිවුවවන් බවට පත් වෙන්න එපා” කියලයි. මේ අනුර කියන්නේ ඡන්දය දුන්නේ නැත්නම් බලාගනිමු කියලා නොවේද, අනුර කුමාර දිසානායක යාපනය ජනතාවට තර්ජනය කරනවා. මම එය හෙළා දකිනවා.

2010 ජනාධිපතිවරණයේ දී අපි උතුරට ආවා. අපි මෙහි ජනතාවට කිව්වා සරත් ෆොන්සේකාට ඡන්දය දෙන්න කියලා. මේ ජනතාව සරත් ෆොන්සේකාට ඡන්දය දුන්නා. දකුණේ ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නා. දකුණේ ජනතාව ඇවිල්ලා ඔබට ගැහුවද? ඒ කිසිවක් සිදු වුණේ නැහැ. අවසානයේ ඩග්ලස් දේවානන්ද මහතාට අමාත්‍ය ධූරයකුත් ලැබුනා.

තව මාසයකින් බැංකු පොලිය 9% දක්වා අඩු වී - බදු ආදායමෙන් 25%ක් රාජ්‍ය සේවක වැටුපට එක්වෙන්නේ මෙහෙමයි.

තව මාසයකින් බැංකු පොලිය 9% දක්වා අඩු වී - බදු ආදායමෙන් 25%ක් රාජ්‍ය සේවක වැටුපට එක්වෙන්නේ මෙහෙමයි.


2015 අපි සියලුදෙනා කිව්වා මෛත්‍රිපාල සිරිසේනට ඡන්දය දෙන්න කියලා. දකුණේ ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නා. අපි දිනුවා. මොනවත් වුණේ නැහැ. 2019 වසරේ යාපනයේ ජනතාව සජිත් ප්‍රේමදාසට ඡන්දය දුන්නා. දකුණේ ජනතාව ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නා. ගෝඨාභය රාජපක්ෂ හමුදාව අරගෙන මෙහාට ආවේ නැහැ. හැම වෙලාවෙම අපි ප්‍රතිඵලය පිළිගෙන තිබෙනවා.

ඒ නිසා අනුර කුමාර දිසානායක කොහොමද ඔබට තර්ජනය කරන්නේ. ඔහු දිනන්නේ නැහැ. ඒ බව මම සහතික කරනවා. ඔහු දකුණේ ජනතාවත්, උතුරේ ජනතාවත් බය කරන්න හදනවා. ඔහු ගෙන යන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රමවේදයයි. ඒ කාලේ චිට් දුන්නා. මගේ මිත්‍ර අනුර කුමාර දිසානායකට මම කියනවා මේ පිළිබඳ වහාම උතුරේ ජනතාවගෙන් සමාව ඉල්ලන්න කියලා.

ඒ වගේම සිංහල ජනතාවගේ නම කැත කළ නිසා සිංහල ජනතාවගෙනුත් සමාව ඉල්ලන්න කියා මම ඔහුට කියනවා. ඉන්පසුව ගිහින් විපක්ෂයේ වාඩිවෙන්න කියලා මම ඔහුට කියනවා. ජනතා විමුක්ති පෙරමුණේ තර්ජන ඔහු සිදු නොකළ යුතුයි කියලා. ඊට අපි බය වෙන්නෙත් නැහැ, ඉඩ දෙන්නෙත් නැහැ කියලා මම කියනවා.

සජිත් ගැන කථා කරලා වැඩක් නැහැ. සජිත් විපක්ෂනායක ධූරයේ වගකීම හරියට කළානම් අනුර දිසානායක අද නැහැ. එයාට අනුර නවත්වන්න බැහැ. ඒ නිසා ඔහු වෙනුවෙන් ඡන්දය නාස්ති කරන්න එපා.

අපට තිබෙන්නේ මේ රට දියුණු කරගෙන ඉදිරියට යන්න. ඒ වෙනුවෙන් සැප්තැම්බර් 21 දා ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ගහන ලෙස මම ඉල්ලනවා."