ගම්පොළ මහේස්ත්‍රාත්වරියට තර්ජනාත්මක ලිපි

Sri Lanka Police Sri Lanka Magistrate Court Law and Order Sinhala news
By Hashini Jun 02, 2025 03:45 AM GMT
Hashini

Hashini

Report

ගම්පොළ මහෙස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු ගම්පොළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර ඇත්තේ තමන්ට අපහාසාත්මකව හා තර්ජනාත්මකව නිර්නාමික ලිපි ලැබෙන බවයි.

මෙම පැමිණිල්ලට අදාළව ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්නගෙන් පොලිසිය කටඋත්තරයක් සටහන් කර ගෙන ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිගණක යන්ත්‍ර පරික්ෂාවකට ද ලක් කර ඇත.

එම පැමිණිල්ලේ සඳහන් වන්නේ නිර්භය හා නිර්පාක්ෂික තීන්දු තීරණ සමග මෙම තර්ජනාත්මක ලිපි ලැබීමේ වැඩිවීමක් පවතින බවයි.

රෝගය ව්‍යාප්තවෙයි – පැතිරෙන ප්‍රදේශ හඳුනාගැනීම අපහසුයි

රෝගය ව්‍යාප්තවෙයි – පැතිරෙන ප්‍රදේශ හඳුනාගැනීම අපහසුයි

ඉකුත් සතියේ පැවැති නඩුවක කරුණු පැහැදිලි කරමින් සිටියදී එම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය නියෝජනය කිරීමට උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරියගේ උපදෙස් මත කාර්යාලයේ නිලධාරිනියන් දෙදෙනෙක් ගම්පොළ අධිකරණයට පැමිණ ඇත.

මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ කරුණු පැහැදිලි කරමින් සිටියදී දෙවරක් සමච්චල් වන ආකාරයෙන් සිනාසීම සම්බන්ධයෙන් එම නිලධාරිනියන්ට අවවාද කර තිබියදීත් නැවැත එලෙස සීනාසීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකා ඔවුන්ට විරුද්ධව මේ වන විට අභියාචනාධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කර තිබෙනවා.

එසේම ජුනි මාසයට යෙදී තිබූ එම නඩුව ප්‍රාදේශීය ලේකම්වරිය මෝසමක් මගින් එය මැයි මාසයේ කැඳවා තිබී ඇත.

එම පැමිණිල්ලේ සදහන් වෙන්නේ එදින කැඳවා තූබූ මෙම නඩුව සම්බන්ධ කරගනිමින් මහෙස්ත්‍රාත්වරියට තර්ජනාත්මක ස්වරූපයෙන් ‘‘කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තත්ත්වයට ගම්පොළ අධිකරණය පත් කර නොගන්න’’ වැනි අදහසක් ඉදිරිපත් කරමින් නිර්නාමික ලිපි ලැබීම පිළිබඳව විමර්ශනයක් කර අදාළ සිද්ධියට සම්බන්ධ වුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

රජයේ ඉස්පිරිතාලෙන් අමුවට මිනිස්සූ මරන්න පටන් අරන්..මේ වගේ දෙයක් කාටවත් වෙන්න එපා

රජයේ ඉස්පිරිතාලෙන් අමුවට මිනිස්සූ මරන්න පටන් අරන්..මේ වගේ දෙයක් කාටවත් වෙන්න එපා

මේ සම්බන්ධයෙන් ගම්පොළ පොලිස් අධිකාරි කාර්යාලයෙන් විමසු විට එහි නිලධාරියකු සදහන් කළේ ලැබී ඇති පැමිණිල්ල අනුව පුළුල් විමර්ශනයක් පැති කීපයක් ඔස්සේ සිදු කරන බවත් මේ වන විටත් මේ සම්බන්ධයෙන් උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්නගෙන් කට උත්තරයක් සටහන් කර ගෙන ඇති බවත්ය.

පොලිසිය සඳහන් කලේ "අපි මේ පරික්ෂණ පැති කීපයක් ඔස්සේ පවත්වනවා. ප්‍රාදේශීය ලේකම්වරිය ඉකුත් සතියේ මහනුවර දිසාපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී ද ගම්පොල මහෙස්ත්‍රාත්වරිය ගේ ක්‍රියා කලාපය විවේචනය කර ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා. එම විවේචන හා පෙත්සම් අතර සම්බන්ධයක් ඇත්ද යන්න ගැනත් පොලිසියේ අවධානය යොමුව තිබෙනවා’’ යනුවෙනි.

කොවිඩ් යළි සීඝ්‍ර ව්‍යාප්තියක

කොවිඩ් යළි සීඝ්‍ර ව්‍යාප්තියක

පොලිසිය පෙන්වා දෙන්නේ මහෙස්ත්‍රාත්වරියක් ලෙස ලබා දෙන තීන්දු ඉහළ අධිකරණයකදී අභියෝගයට ලක්කළ හැකිව තිබියදී නිර්නාමිකව ඇයට අපහාස වන අයුරින් පෙත්සම් යොමු කිරීම පෞද්ගලිකව ඇය අපහසුතාවට පත්කිරිමේ උත්සහයක් බවයි.

සිද්ධිය පිළිබඳව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීම මත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් විමර්ශනය පවත්වනු ලබනවා.  

ජල සම්පාදන මණ්ඩලයට හැකර් ප්‍රහාරයක්

ජල සම්පාදන මණ්ඩලයට හැකර් ප්‍රහාරයක්

ReeCha