හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට

Report

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට තර්ජනය කළ බවට අසත්‍ය පැමිණිල්ලක් ගොනු කිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම කළ බවයි.

පොල්තෙල් සඳහා නියමිත ප්‍රමිතියක්

පොල්තෙල් සඳහා නියමිත ප්‍රමිතියක්

ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිමත් නිලධාරියෙක් ලෙස නමක් දිනා සි‍ටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (28) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ විදෙස්ගතව සිටින පාතාලයේ අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ නමින් කළ තර්ජනය කිරීමක් සම්බන්දයෙන් කළ විමර්ශනයකින් හෙළිවූ තොරතුරු අනුවයි.

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්, පොලිස් පරිපාලන අංශයේ වැඩ බලන ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, සහ දේශබන්දු තෙන්නකෝන්ගේ පුතාට තර්ජනාත්මක ඇමතුම් කෙහෙල් බද්දර පද්මෙ නමින් ලබාදීම මෙහෙයවා ඇත්තේ ප්‍රියන්ත ජයකොඩි බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

කොළඹ-නුවර මාර්ගය ඔස්සේ ගමන් කරන අයට විශේෂ දැනුම්දීමක්

කොළඹ-නුවර මාර්ගය ඔස්සේ ගමන් කරන අයට විශේෂ දැනුම්දීමක්

ඔහු පවසා ඇත්තේ තමාටද ඔහු තර්ජනාත්මක ඇමතුමක් ලබාගෙන ඇති බවයි.

ප්‍රියන්ත ජයකොඩිගේ සැලසුමට අනුව ඩුබායි දුරකථන ඇමතුමක් ලෙස එම තර්ජනාත්මක ඇමතුම් ලබා දුන් පානදුර පදිංචි පුද්ගලයෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්.

තමාට ආරක්ෂාවක් ලබාගැනීම සඳහා ඔහු මෙම සැලසුම දියත් කර තිබෙන බවයි හෙළිව තිබෙන්නේ.

පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රෝගී තත්ත්වයක් හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ ඔහු රාගම රෝහලට ඇතුලත් කර තිබෙන බවයි.

වට්සැප් පාවිච්චි කරන අයට විශේෂ නිවේදනයක්

වට්සැප් පාවිච්චි කරන අයට විශේෂ නිවේදනයක්