මෙවර සරසවි ප්‍රවේශයට විශාල පිරිසක්

Report

2024 උසස් පෙළ ප්‍රතිපල නිකුත් වීමත් සමග විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සංඛ්‍යාව සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි (UPDATE)

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි (UPDATE)

එහි සඳහන්ව ඇත්තේ නිකුත් කළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 177,588 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවය. එය සමස්ත ප්‍රමාණයෙන් 64.43%ක් වන අතර මේ සඳහා පාසල් අයදුම්කරුවන් 149,964ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 27,624ක් ද ඇතුළත් වේ.

මෙවර පැවැති එම උසස් පෙළ විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 247,361ක් දෙනෙකු මුහුණ දුන් අතර ඒ සඳහා පාසල් අයදුම්කරුවන් 222,774ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 51,587ක් ඇතුළත් විය. මේ අතර සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට සිය ප්‍රතිඵල සටහන් බාගත කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා එළැඹෙන 28 වැනි දින සිට පහසුකම් සලසා ඇතැයිද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි