මෙවර උසස් පෙළ විශිෂ්ටයින් මෙන්න

Report

2024 උසස් පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයින් මේ වන විට වාර්තා වී තිබේ. ඒ අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු තැන කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ හෑගොඩ ආරච්චිගේ සඳිති නිම්හාරා සිසුවිය විසින් හිමිකරගෙන තිබේ.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි (UPDATE)

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි (UPDATE)

ගණිත අංශයෙන් දිවයිනේ පළමු තැන හිමිකරගෙන ඇත්තේ ලෙසඳු රණ්සර කුමාරගේ සිසුවා වන අතර එම සිසුවා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා තිබේ. මේ අතර ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සිසුන් දෙදෙනෙකු විසින් ගණිත අංශයෙන් දිවයිනේ තවත් ස්ථාන දෙකක් හිමි කර ගැනීමට සමත්ව තිබේ.

ඒ දිවයිනේ තෙවන ස්ථානය සහ දෙවන ස්ථානය දිනා ගනිමිනි. ඒ අනුව දෙවන ස්ථානය දිනාගනිමින් ගණිත අංශයෙන් තෙවිඳු දිල්මිත් දහනායක සමත්වී ඇති අතර එම අංශයෙන් දිවයිනේ පස්වන ස්ථානය නවිඳු දිනෙත් තෙන්නකෝන් සිසුවා විසින් හිමිකරගෙන තිබේ. වාණිජ අංශයෙන් දිවයිනේ පළමු තැන හිමිකරගෙන ඇත්තේ කොළඹ විශාකා විද්‍යාලයේ කංකානිගේ අමාශා දුලාරි පෙරේරා සිසුවිය විසිනි.

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි

උසස් පෙළ ප්‍රතිඵලය පරීක්ෂා කිරීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

https://www.doenets.lk

https://www.results.exams.gov.lk