විදුලි බිල වැඩි වෙන්නේ මෙහෙමයි

Report

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝයනාවක් ඉදිරි දින කිහිපය ඇතුළත ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට භාරදීමට නියමිතව බව වාර්තා වී තිබෙනවා.   

අදාළ යෝජනාව පසුගිය සිකුරාදා භාරදීමට නියමිතව තිබුණ ද එය එදින භාරදී නැති බවයි සඳහන් වන්නේ.   

කෙසේ නමුත් එය කඩිනමින් බාරදීමට නියමිතව තිබෙන බව වාර්තා වී ඇත

මෙම යෝජනාව සඳහා මහජන උපයෝගිත කොමිසමේ අනුමැතිය ලැබුණහොත් ජූනි මාසයේ සිට විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.   

කොටහේන වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්

කොටහේන වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්

මේ අතර පසුගිය මාර්තු මාසයෙන් අවසන් වූ කාර්තුවේදී පමණක් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන දහ අට ඉක්ම වූ අලාභයක් වාර්තා කර තිබේ.

පිරිවැය පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු 18.3% කින් වැඩි කිරීම අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටී.

2024 පළමු කාර්තුවේ දී විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 84ක ලාභයක් වාර්තා කළේය. මෙම වසරේ මුල් කාර්තුවේදී මෙම අලාභය වාර්තා කර ඇත්තේ අඛණ්ඩව කාර්තු පහක් පුරාවටම ලාභ ලබා තිබෙන පසුබිමකය.