පොලිස් නිලධාරීන් 4 කගේ ජීවිත බිලිගත් මාරක වෙඩි පහරේ නවතම දර්ශන සහ ඡායාරූප..සංවේදී දර්ශන සහිතයි..(VIDEO / PHOTOS)

police officer kalmune Thiruk kovil ashraf hospital
By Sewvandhi Dec 25, 2021 05:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.

වෙඩි වැදිමෙන් බරපතළ තුවාල ලබා කල්මුණේ අෂ්රෆ් රෝහලට ඇතුළත් කළ පොලිස් සැරයන්වරයෙකු මෙලෙස මියගොස් ඇති බව එම රෝහල් පොලීසිය පැවසුවේය.

ඒ අනුව තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සිදුකළ වෙඩි තැබීමෙන් මියගිය පොලිස් නිලධාරින් සංඛ්‍යාව 04 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර තිබූ අතර පසුව එම සැරයන්වරයා ඇතිමලේ පොලිස් ස්ථානයට භාරවී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGallery
ReeCha