දැන් මෙරට පවත්නා තත්ත්වයත් සමග කොවිඩ් එන්නතේ තෙවැනි මාත්‍රාවක්..?

covid19 vaccination GMOA third dose
By Sewvandhi Aug 17, 2021 10:05 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එන්නත් මාත්‍රා දෙකම ලබා සිටින සෞඛ්‍ය සේවකයින් පවා මේ වන විට කොවිඩ් වසංගතයේ ගොදුරු බවට පත් වෙමින් සිටින බැවින් ඉදිරි පෙල සෞඛ්‍ය සේවකයන් ආවරණය වන පරිදි තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා දීමේ අවශ්‍යතාවක් අද වන විට දැඩිව පැන නැගි ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

2021 වසර අග භාගය වන විට මෙරට මුහුණ දෙන ප්‍රබලතම අවදානම වන්නේ ප්‍රතිශක්තිකරණය මග හැර යාමට සමත් ශ්‍රී ලාංකික දරුණු කොරෝනා ප්‍රභේදයක් අලුතින් හටගැනීමට ඇති හැකියාව බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය වෙත නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery