කොවිඩ් මර්දනයට 3වන මාත්‍රාවක්..? (VIDEO)

covid19 vaccine vaccination quarantine hemantha herath
By Sewvandhi Aug 02, 2021 08:41 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් -19 වෛරසය මර්දනය කිරීම සඳහා තුන්වන එන්නත් මාත්‍රාවක් ලබාදීම පිළිබඳව අද (02) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැහැදිලි කිරීමක් සිදු කළේය. මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

"මෙවැනි වෛරස් බොහොමයකට වාර්ෂිකව එන්නත් කිරීම මේ දක්වා කරගෙන ගිය සාමාන්‍ය ක්‍රමවේදය. ඒ නිසා මේ අලුත් වෛරසයටත් එවැනි එන්නත් කිරීමක් විද්‍යානුකූලව සලකලා බැලුවොත් එහෙම වෙන්න ඉඩ තියෙනවා. ලැබිලා තිබෙන තොරතුරු අනුව බොහෝ රටවල් තුන්වෙනි මාත්‍රාවක් ලබාදීම හෝ වාර්ෂිකව අමතර මාත්‍රාවක් ලබාදීම සලකලා බලනවා. ලංකාවෙත් ඒ තත්ත්වය ඒ ආකාරයෙන්ම තමයි. ලැබෙන දත්ත අනුව ඉදිරියේදී ඒ කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඇති වුණොත් ඒකට සූදානම්වීම වැදගත් වෙනවා."

ලැබි ඇති තොරතුරු අනුව බොහෝ රටවල් තුන්වෙනි මාත්‍රාවක් ලබාදීම හෝ වාර්ෂිකව අමතර මාත්‍රාවක් ලබාදීම සලකා බලා ඇති බවත් ලංකාවේත් ලැබෙන දත්ත අනුව ඉදිරියේදී ඒ කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඇති වුවුවහොත් ඒ සඳහා ද සූදානම්වීම වැදගත් බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ අතර කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍යතාව අනුව තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට සුදානම් වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබෙන බව ජනමාධ්‍ය ඇමාතය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා උපුටා දක්වමින් දිනපතා පුවත්පතක් අද වාර්තා කර තිබුණා.

දැනට වාර්තා වන සංඛ්‍යාලේඛන අනුව මේ වයිරස ආසාදනයෙන් මිය යන වැඩි පිරිස එන්නත් ලබා නොගත් අය-වන බවත් , මෙතෙක් එන්නත් නොගත් අය වහාම තමන්ට අයිත් එන්නත ලබා ගැනීමට කටයුතු කළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ වන විට එන්නත් නොගත් අය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙසින් සංගණනයක් සිදු කෙරෙන බවත්, එන්නත් ලබාගෙන ඇති ජනතාව හඳුනාගැනීමේ පහසුව සඳහා ඉදිරියේ දී විශේෂ හැදුනුම්පතක් ඔවුන් වෙනුවෙන් නිකුත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බවයි රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර ඇත්තේ.

මේ වන විට යුහුසුළුව සිදු වන එන්නත්කරණය-:



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now