පොලිස් කාන්තාවකගේ නිවසකට සොරු පනී
covid19
police officer
alpitiya
pitigala
waththahena
By Sithumi
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තම සැමියා සහ දියණිය මියගිය විශ්‍රාමික කාන්තා පොලිස් පරීක්ෂකවරියකගේ නිවසක් බිඳ, මුදල් සහ දේපළ සොරාගැනීමේ සිද්ධියක් ඇල්පිටිය - පිටිගල - වත්තහේන ප්‍රදේශයෙන් වාර්තාවනවා.
පසුගිය 9 වනදා රාත්‍රී කාලයේ අදාළ නිවස බිඳ දේපළ සොරාගෙන ඇති බවටයි විශ්‍රමික පොලිස් පරීක්ෂකවරිය පිටිගල පොලීසියට පැමිණිලි කර ඇත්තේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සැමියා සහ දියණිය කොරෝනා ආසාදනය වී මියයාම හේතුවෙන් අදාළ පොලිස් පරීක්ෂකවරිය තම නිවස අසල්වැසියෙකුට බලාගැනීමට දී දෙණියායේ පිහිටි ඥාතිවරියකගේ නිවසේ නතර වී සිටියදීයි මෙම සොරකම සිදුව ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |