සෞඛ්‍ය ගැටළු උත්සන්න වෙයි. - කහ උණ එන්නත නැතිව 5000ක් පෝලිමේ.
Keheliya Rambukwella
Sri Lanka
Ministry of Health Sri Lanka
Government Of Sri Lanka
By Wayomi
අප්‍රිකානු රටවල සේවයට යෑමේ බලාපොරොත්තුවෙන් සිටින 5000කට ආසන්න පිරිසක් කහ උණ සඳහා එන්නත නොමැතිව ලොකු ගැටලුවකට මුහුණදී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අප්‍රිකානු රටවල සේවයට යෑමේ බලාපොරොත්තුවෙන් සිටින පිරිසක් වන අතර මෙම එන්නත ලබා ගැනීමේ පෝලිම දිනෙන් දින දිගු වෙමින් පවතින බවයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසන්නේ.
අප්‍රිකානු රටවලට යන අය සෞඛ්‍ය හේතු මත මෙම එන්නත අනිවාර්යෙන්ම ලබාගැනීම අත්‍යවශ්‍ය වෙනවා.
කෙසේ වෙත්ත මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා කියා සිටියේ, එම එන්නත් 7500ක් ඇණවුම් කර ඇතත් සැපයුම්කරුවන් තවමත් ඉදිරිපත්ව නැති බවයි.
මේ අතර ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ එම එන්නත් තුන්දාහක් පමණ ළගදීම පැමිණීමට නියමිත බවද ඔහු අවධාරණය කර සිටියා.
