මඟදිගට රන්මාල කැඩූ කොස්තාපල් අල්ලයි.

Sri Lanka Police
By Wayomi Sep 18, 2022 12:29 PM GMT
Wayomi

Wayomi

Report

මහමග ගමන් ගත් කාන්තාවන්ගේ රන් මාල කඩා ගෙන පලායාමේ නිරතව සිටි බව කියන පොලිස් කොස්‍තාපල්වරයක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු යතුරුපැදියෙන් ගොස් මෙම ක්‍රියාවේ නිරත වී ඇති අතර අදාළ යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් .

එම සැකකාර පොලිස් කොස්‍තාපල්වරයා රත්නපුර කල්තොට පොලිසියට අනුයුක්තව කෑරගල පොලිස් මුරපොලේ රාජකාරි කළ අයෙක් බවයි වාර්තා වන්නේ.

මීට අමතරව පානමුර පොලිස් වසමේදී ලක්ෂ 02ක් වටිනා රන් මාලයක්, 138,000ක් වටිනා පෙන්ඩනය සහිත රන් මාලයක් සහ කටුවත පොලිස් වසමේදී රන් මාලයක් කඩා ගැනීමට මොහු සම්බන්ධ බවට මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW