අතේ පච්චයෙන් කදු මුදුනේ අභිරහස් ලෙස මිය ගිය කාන්තාව ගැන හෙළි වූ තොරතුරු.
පසුගිය 1 වෙනිදා තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ තිබී අභිරහස් ලෙස මිය ගිය කාන්තා මල සිරුරක් ලිදුල පොලිසිය විසින් සොයාගනු ලැබුවා.
පසුව ඇයගේ සිරුර ඇයගේ නිතියානුකුල සැමියා සහ ඥාතින් විසින් හදුනා ගැනිමෙන් අනතුරුව නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත ඊයේ (22) ඥාතින් වෙත භාරදී තිබෙනවා.
එලෙස මියගිය කාන්තාවගේ සිරුර හදුනාගැනිම සදහා ලිදුල පොලිසිය මගින් එම කාන්තාවගේ ඇගිලි සලකුණු රැගෙන ඇගිලි සලකුණු පොලිස් දෙපාර්තුමේන්තුවේ ඇගිලි සලකුණු රෙජිස්ටාර් කාර්යාලය වෙත යොමු කර තිබුණා.
අනතුරුව මියගිය කාන්තාවගේ ඇගිලි සලකුණු එම රෙජිස්ටාර් කාර්යාලයේ සටහන් වි තිබු බවත්, ඒ අනුව මියගිය කාන්තාවගේ ඥාතින් හදුනාගැනිමට හැකි වු බවයි ලිදුල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සිසිර කුමාර මහතා සඳහන් කළේ.
රේට් වෙස්ටර්න් කදු මුදුණේ අභිරහස් ලෙස මියගොස් සිටියේ තංගල්ල කිරින්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ජුනයිඩ් ක්‍රිෂාණි නැමති (36) හැවිරිදි මුස්ලිම් ජාතික කාන්තාවක්.
ඇය නිතියානුකුල සැමියාගෙන් වෙන් වි වෙනත් පුද්ගලයන් සමග සමිප සම්බන්ධකම් පවත්වා ඇති බවත්, මියගිය කාන්තාවගේ නිතියානුකුල විවාහයෙන් ඇයට දරුවන් තිදෙනෙකු සිටින බවත්, දැනට කරන ලද විමර්ෂණ වලදි අනාවරණය වී ඇත.
මියගිය කාන්තාවගේ වම් අතෙහි මදුසංඛ යනුවෙන් සටහන් කර තිබු පච්චයෙන් ඇයගේ සැමියා විසින් සිරුර හදුනාගත් බවත්, මියගිය කාන්තාව සමඟ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණට පැමිණි පිරිස අත්අඩංගුවට ගැනිම සඳහා ලිදුල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් විමර්ෂණ සිදු කරනු ලබනවා.
ජුනයිඩ් ක්‍රිෂාණිගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත් වු නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා මෙය ඝාතනයක් බවට සැක කරන බවයි.
ඒ, අනුව මියගිය කාන්තාවගේ ශරිරයේ කොටස් කිහිපයක් අධිකරණ වෛද්‍යවරයා විසින් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර ඇති බවත් වාර්තා වෙනවා.
