උග්‍ර ආසාත්මිකතා නිසා මරණ වලට වගකිව යුතු එන්නත ලංකාවේ නිපදවූවක් බවට හෙළිදරව්වක්.
මෙරට උග්‍ර ආසාත්මික තත්වයන් සිදුව මරණ තුනකට හේතුවූ Co – Amoxiclave for Inj Bp1.2g නැමති වේදනානාශක එන්නතේ කාණ්ඩ තුනක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය රසායනාගාරය වෙත යොමු කර තිබෙනවා.
ජාතික ඖෂධ නියාමන අධීකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී ජයරත්න මහතා පවසන්නේ,මෙම එන්නත සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරිම සදහා මෙම පියවර ගත් බවයි.
ජාතික ඖෂධ නියාමන අධීකාරියේ වැඩිදුරටත් අවධාරණය කළේ, මෙම එන්නත ලබාදීමෙන් පසු රාගම ශීක්ෂණ රෝහල, නිකවැරටිය මූලික රෝහල, වතුපිටිවල රෝහල හා ගම්පහ රෝහල් වලින් උඝ්‍ර ආසාත්මික තත්වයන් ලක්වූ රෝගීන් වාර්තා වූ බවත්, ඉන් රෝගීන් තිදෙනෙකුම මියගිය බවයි.
අදාල එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2014 වසරේදී ලියාපදිංචි වී ඇති අතර එම එන්නතේ ලියාපදිංචිය මේ වසර දක්වාම වලංගු බව වාර්තා වෙනවා.
නමුත් පසුගිය ජූනි 03 වැනිදා සිට මෙම එන්නතේ ඛාණ්ඩ තුනක් සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානම් ඇගයීමේ අනුකමිටුව විසින් තාවකාලිකව ඉවත් කරනු ලැබුවා.
ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරය විසින් නිකුත් කළ තත්ව වාර්තා පදනම් කරගෙන 070123 AMC2 නැමති කාණ්ඩය ඉවත් කළ අතර මෙම එන්නත හොරණ කිදෙල්පිටියේ පිහිටි පුද්ගලික ඖෂධ නිෂ්පාදනාගාරයක් වන Navesta pharmaceuticals නම් නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කර තිබෙන බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
