සාකච්ඡාවලට එන්න - ඉන්දියාවට සහ පාකිස්ථානයට දන්ව

Report

කාෂ්මීරයේ පහාල්ගාම් ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය හමුවේ, දෙරටම උපරිම සංයමයෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඒ අනුව, තත්ත්වය තවදුරටත් උත්සන්න නොවීමට අවශ්‍ය පියවර ගන්නා බවට දෙරටම සහතික විය යුතු බව එම සංවිධානය අවධාරණය කළේය.

මේ දෙසැම්බර් වන විට සජිත් ජනාධිපති පුටුවේ - කබීර් කියයි!

මේ දෙසැම්බර් වන විට සජිත් ජනාධිපති පුටුවේ - කබීර් කියයි!

ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති ඕනෑම ගැටලුවක් අර්ථවත් අන්‍යෝන්‍ය සාකච්ඡා හරහා සාමකාමීව විසඳිය හැකි බවට විශ්වාසය පළ කරන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළා.

දකුණු කාෂ්මීරයේ පහාල්ගාම් සංචාරක ප්‍රදේශය ඉලක්ක කර එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගිය අතර, ඉන් 25 දෙනෙකු ඉන්දියානුවන්ය.

හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි

හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි