මන්ත‍්‍රීවරයෙක් දැරියක් දුෂණය කර පලායයි.. පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්.
Police
Gossips
Sri Lanka podujana peramuna
the-ugly-thing-he-did-to-a-girl
By Aruna
උකුවෙල ප‍්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අදාළ මන්ත්‍රීවරයා බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක.
මේ වනවිට සැකකරු ප්‍රදේශය අතහැර පලාගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
එම දැරිය වාසය කර ඇත්තේ තම මවුපියන් සමඟ සැකකාර මන්ත්‍රීවරයාට අයත් නිවසක වන අතර කිසිවකු නිවසේ නැති ස්ථාන අවස්ථාවක මෙම පුද්ගලයා පැමිණ දැරියට ලිංගික අතවරයක් කර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
දැරියගේ දෙමවුපියන් මේ ගැන පොලිසියට පැමිණිලි කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |