ලංකාවම හඬවමින් නිළධාරීන් දෙදෙනෙකුට දිවි අහිමි කළ කඩා වැටුණු ගුවන් යානය - දර්ශන සහිතයි. (VIDEO/PHOTO)

Trincomalee Sri Lanka Accident Death Sri Lanka Air Force
By krishani Aug 07, 2023 01:03 PM GMT
krishani

krishani

Report

අද (07) ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ගුවන් හමුදා චීන වරාය කඳවුරු ප්‍රදේශයේ දී අනතුරට ලක් විය.

ඒ ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් ය.

එම කඩා වැටුණු පුහුණු ගුවන් යානයේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයෙහි සංසරණය වන ආකාරය දැකිය හැකිය.

එම අනතුරින් මියගිය ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනා විංග් කමාන්ඩර් සහ ගුවන් යානා ඉංජිනේරු / පියාසර නිලධාරියෙකු වේ.

ඒ විංග් කමාන්ඩර් තරිඳු හේරත් සහ පියාසර නිලධාරී පේෂාන් වර්ණසූරිය යි.

ඔවුන් මෙම ගමන ආරම්භ කර ඇත්තේ PT 6 වර්ගයේ ගුවන් යානයක ගුවන් පරීක්‍ෂණයක් සඳහා බව ගුවන් හමුදාව සඳහන් කළේ ය.

ඒ අනුව ඔවුන් පෙරවරු 11.25 ට පමණ චීන වරාය ගුවන් පථයෙන් පිටත් වූ අතර පසුව පෙරවරු 11.27 ට පමණ චීන වරාය කඳවුර තුළ, ප්‍රදේශයකට යානය කඩා වැටී තිබෙනවා.

මලියදේව මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ විංග් කමාන්ඩර් තරිඳු හේරත් 2006 වසරේ ගුවන් හමුදාවට බැඳුණු අතර ඔහු තිදරු පියෙක් වේ.

එමෙන්ම කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන ගුවන් යානා ඉංජිනේරු/ පියාසර නිලධාරි පේෂාන් වර්ණසූරිය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා 2017 වසරේ දී ගුවන් හමුදාවට එක් වී ඇත.

විඩියෝ දර්ශන පහතින් නරඹන්න,


Gallery
ReeCha