අතුරුදන් වු දැරියන් තිදෙනා ගියපු තැන් මෙන්න..අදහාගත නොහැකි දෙයක් සිදුවෙයි.(VIDEO)

Colombo Kandy The three missing girls Muslim three girls
By Aruna Nov 10, 2021 05:20 AM GMT
Aruna

Aruna

Report

කොළඹ - කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් අතුරුදන් ව සිට යළි හමුවූ බවට වාර්තා පළවූ දැරියන් තිදෙනා අතුරුදන්ව සිටි දින කිහිපය තුළ කුමක් කලේද යන ගැටලුව සම්බන්ධයෙන් පොලිසිය සිදු කර ඇති විමර්ශනයේදී ඔවුන් පවසා ඇත්තේ ඔවුන් විනෝද චාරිකාවක් ගිය බවකි.

ඔවුන්ගෙන් එක්අයෙකුවූ ෆාතිමා වර්යා ගම්පොළ ප්‍රදේශයේ ඥාති දැරියක වන අතර වයස 13 ක්වූ ඇය කොළඹ නුවර මාර්ගයේ නිතර ගමන් කර පුරුදුකාරියකි.

ෆාතිමා රක්සා (15) සහ ඇගේ සොහොයුරිය වන ෆාතිමා කදේරා (13) ගාලු මුවදොර වෙත යන බව පවසා මවගේ දුරකථනයද රැගෙන මෙම ගමන ගොස් තිබූ අතර ඔවුන් දුර බැහැරකට යන බවක් කිසිවෙකුට දන්වා තිබුනේ නැත.

ඊයේ නැවත නිවසට පැමිණි පසුව නිවැසියන් කළ ප්‍රශ්න කිරීමේදී අපි ට්‍රිප් එකක් ගිහින් ආවා පමණක් කියා තිබුණි.

ඔවුන් ඇඳ පැළඳ සිටි ඇඳුම් අලුත් ඒවා වූ අතර ඔවුන් අතුරුදන්ව සිටි කාලයේ සාප්පු සවාරි ගොස් තිබූ ආකාරයක්ද දිස් විය.

අනතුරුව පොලිසිය පැමිණ සිදු කළ වැඩිදුර විමර්ශනයේදී දැරියන්ව ප්‍රශ්න කළ පොලිස් කාන්තාවන් හමුවේ පවසා ඇත්තේ තමන් අනුරාධපුර බලන්න ගිය බවයි.

පොලිස් ප්‍රශ්න කිරීමේදී දැනගෙන ඇත්තේ ඔවුන් මහනුවරට ගොස් එතැනින් අනුරාධපුරට ගිය බවයි.

මේ කාලය තුළ ඔවුන් රැඳී සිටියේ කොහිදැයි පැහැදිලිව හෙළි කර නැත.

පොලිසිය සැකකරන්නේ නිවැසියන්ට කරුණු සඟවමින් ගිය ඔවුන්ගේ ගමනට පෙම්වතුන් සම්බන්ධව සිටියාද යන්නයි.

මෙම දැරියන් කොළඹ සිට අනුරාධපුරයට ගොස් මහනුවරට පැමිණ යළිත් කොළඹට පැමිණ ඇති බව පොලිසිය සිදු කළ වැඩිදුර සාක්ෂි විමසීම්වලින්ද අනාවරණයවී ඇත.

ඊයේ රාත්‍රී නිවසට ආ ඔවුන් මේ වන විට ප්‍රකාශයක් ලබාදීම සඳහා කෙසෙල්වත්ත පොලිස් භාරයේ පසුවන බව වාර්තා වෙයි.

අතුරුදන් වී ඇති බවට ඔවුන්ගේ ඥාතීන් කෙසෙල්වත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබීමෙන් පොලිසිය අධිකරණයට ද කරුණු වාර්තා කර දුරකථන වාර්තාකැඳවූ අතර කන්ඩායම් දෙකක් යොදවා සිද්ධිය සම්බන්ධයෙන් දැරියන්ගේ දෙමාපියන්ගෙන් සහ ඔවුන්ගේ සමවයස්වල පාසල්වල මිතුරියන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

මෙතරම් කලබලයක් වෙද්දී කිසිවක් නොදන්නා ගාණට නගරවල සැරිසරමින් සිටි තිදෙනා ඔවුන් සොයන බවට මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තාවීමට පටන් ගත් පසු යලි නිවෙස් බලා පැමිණ තිබුනේ ඊයේ රාත්‍රීයේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha