"අරගලය අවසන් නැහැ. යළි ප්‍රතිසංවිධානය විය යුතුයි" - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා.

Parliament of Sri Lanka Sarath Fonseka Sri Lankan protests Rajapaksa Family
By Wayomi Aug 13, 2022 11:25 AM GMT
Wayomi

Wayomi

Report

අරගලය අවසන් නැති බවත් අරගලය අවසන් යැයි සිතා දේශපාලඥයන් ආතල් ගැනීමට නොසිතිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරනවා.

මර්දනය හමුවේ අරගලය මර්දනය වුවත් එහි සංකල්පය අවසන් නොමැති බවත්, අරගලය ප්‍රතිසංවිධානය විය යුතු බවත්, ඊට කාලයක් ගතවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීයි.

එහිදී මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

අරගලයේ දරුවන් මේ රට නිවැරදි මාර්ගයට ගැනීමට උත්සාහ දැරූ බවත් රටේ සියලු දෙනා ඒ දරුවන්ට හැකි සෑම අවස්ථාවකම උදව් උපකාර කළ යුතු බවත්,

දරුවන්ගෙන් පළිගන්න එපා යැයි තමා ජනාධිපතිවරයාගෙන් මහත් ඕනෑකමින් ඉල්ලීමක් කරන බව පැවසූ ඔහු හදිසි නීතිය ට මුවා වී දරුවන් නිකරුණේ අත්අඩංගුවට ගැනීමෙන් වැළකිය යුතු බවද සඳහන් කළා.

එහෙන්ම ඔහු මෙහිදී තවදුරටත් කියා සිටියේ, මේ රටේ අනාගතය විනාශ කළේ රාජපක්ෂවරුන් බවත් විදේශ රටවල තැන්පත් කර ඇති මෙරට දූෂිත දේශපාලඥයන්ගේ දේපළ රටට නැවත ගෙන්වා ගැනීමට පාලකයන් කටයුතු කළ යුතු බවත්ය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW