පුත්තලම කරුවලගස්වැව 7කණුව ප්‍රදේශයේදී මීට දින කිහිපයකට පෙර බඩදරු ඇතින්නියකට වෙඩි වැදී තිබෙනවා.
එලෙසෙ වෙඩි වැදුණු ඇතින්නියට ප්‍රදේශවාසින් සහ වනජීවීන් නිලධාරීන් විසින් දින 5ක් එක දිගට ප්‍රතිකාර සහ ආහාර ලබාදීම සිදු කරනවා.
කෙසේ වෙත්ත මෙහිදී එම ඇතින්නියට නිසි ප්‍රතිකාර කිරීමට අපහසු වීම සහ ආහාර ලබාදීමේ ක්‍රියාවලිය අපහසු වී තිබෙනවා.
එම නිසා ඇයට ප්‍රතිකාර කරන නිලධාරීන් සහ ගම් වාසීන් ඉල්ලා සිටින්නේ, ඔබටත් හැකියාවක් පවතිනවා නම් මෙම ඇතින්නියට අවශ්‍ය පළතුරු සහ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය අනෙකුත් පහසුකම් සලසා දෙන ලෙසයි.
වැඩි විස්තර දැනගැනීමට පහත දුරකථන අංක වලින් විමසීම් සිදු කළ හැකියි.
782604488 - සාලිය
0764730104 - නුවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |