මුළු ලෝකෙම බලන් හිටපු BTS තරු ආයෙ ඇවිත් [PHOTO]

Report

BTS කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනේ.

කොහොම වුණත් මුළු ලෝකෙන්ම ආදරේ දිනා ගෙන ඉන්න ජනප්‍රිය K-pop සංගීත කණ්ඩායමක් තමයි BTS කණ්ඩායම කියන්නේ.

ඒ වගේම තමයි එයාලට ඉන්න රසික පිරිසත්.

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

BTS Army යන නමින් හඳුන්වන ඔවුන් මුළු ලෝකෙ පුරාම ඉන්න ලොකුම රසික කණ්ඩායම කියලා කියන්නත් පුළුවන්.

මොනවා වුණත් පහුගිය දවස්වල නම් BTS Army එක හිටියේ ලොකු දුකකින්.

ඒකට හේතුව BTS සාමාජිකයින් හත්දෙනා ඔවුන්ගේ අනිවාර්ය හමුදා සේවය වෙනුවෙන් සේවයට වාර්තා කිරීම.

සමාජිකයො හත් දෙනාගෙන් එක එක්කෙනා නිල වශයෙන් තමන්ගේ සේවය සම්පූර්ණ කරලා ආවත් BTS Army සතුටු වෙන්න නම් සාමාජිකයන් හත්දෙනාම ඉන්න ඕනේ.

ඉතින් ඔන්න සේවය නිම කරන්න හිටපු සාමාජිකයො තුන්දෙනාගෙන් තව දෙන්නෙකුත් අද වෙද්දි නිල සේවය අවසන් කරලා නැවත පැමිණිලා.

ඊයෙ දින (10) කණ්ඩායමේ නායකයා වුණ RM සහ V සේවය අවසන් කර පැමිණීමෙන් පසුව සේවයේ සිටි Jeon Jungkook සහ Park Jimin ද මීට පැය කිහිපයකට පෙර යළි පැමිණි බව වාර්තා වුණා.

තවත් මාරක බස් අනතුරක් - අනතුරේ වීඩියෝව මෙන්න

තවත් මාරක බස් අනතුරක් - අනතුරේ වීඩියෝව මෙන්න

මේ සමඟ නැවත ඔවුන් එනතුරු බලන් හිටපු BTS Army කණ්ඩායම තම සතුට මෙන්ම උණුසුම් සුභ පැතුම් ද එක්කරමින් ඔවුන් පිළිගැනීමට රැඳී සිටි බවත් වාර්තා වුණා.

දැන් ඔවුන් බලන් ඉන්නේ ලබන 21 වන දා සේවය නිමකරන්න ඉන්න Min Yoongi ත් තමන්ගේ නිල සේවය අවසන් කරලා ඇවිත් ආයෙත් BTS කණ්ඩායම සම්පූර්ණ වෙනකල්.

සාමාජිකයන් හත් දෙනාවම එකට පිළි ගැනීමේ නොඉවසිල්ලෙන්.  

විරෝධතා මැද විදුලි බිල ගැන ආපු අලුත්ම සුබාරංචිය

විරෝධතා මැද විදුලි බිල ගැන ආපු අලුත්ම සුබාරංචිය

GalleryGallery