රත් පැහැ ගැන්වුණු ගම්මානය
Village
By Thaya
ඉන්දුනීසියාවේ සම්පූර්ණ ගමක්ම රතුපාට වතුරෙන් වැසී ගොස් තිබෙනවා. ඒ බතික් කර්මාන්ත ශාලාවක් ජලගැල්මට හසුවීමෙන් පසුවයි. අධික වර්ෂාව සමඟ ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා දූපතේ ජෙන්ගොත් ප්‍රදේශය ජලයෙන් යටවුණා. එම ප්‍රදේශයේ තිබූ බතික් කර්මාන්තශාලාවක භාවිතය සඳහා ගබඩා කර තිබූ ක්‍රිම්සන් නමැති ඩයි වර්ගය ජලයට මුසුවී තිබෙන බවයි එරට මාධ්‍ය සඳහන් කළේ. මෙම ගම්මානය සාම්ප්‍රදායික බතික් කර්මාන්තය සම්බන්ධයෙන් ඉතා ඉහළ ප්‍රසිද්ධියක් හිමිකර ගන්නවා. ජලයෙන් යට වූ ප්‍රදේශ වර්ණ ගැන්වී ඇති ආකාරය සමාජ මාධ්‍ය රැසක පළ වී තිබුණා