ඩොලරය අඛණ්ඩව පහළ යෑම නිසා ලබන සතියේ මුලු රටටම බලපාන දේක මිල අඩු කරයි..
මෙරට ඖෂධ මිල ඉදිරි සතියේදී 10-15 % ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ඩොලරයේ අගය අඩු වීමට සාපේක්ෂව මෙලෙස ඖෂධ මිල අඩු කිරීමට පියවර ගැනෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඖෂධ මිල අඩු කළ හැකි ප්‍රමාණය සම්බන්ධව මුදල් අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගණාකාධිකාරි අංශය සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද රඹුක්වැල්ල මහතා කියා සිටියා.
ජත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් ඊයේ(17) පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ දී පැවැති ජාතික උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව අවධාරණය කළා.
ඩොලරයේ අගය පහත යෑම මෙලෙස ඹෟෂධ මිල පහල දැමීමට එක් හේතුවකි.
ඒ අනුව ඊයේ දිනයේ ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 300යේ මිලක පැවතියා.
පෙරේදා (මැයි 16) වන දින හා සසඳන විට ඊයේ(17) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ගියා.
මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 302.66 සිට රු. 300.23 ක් සහ රු. 319.94 සිට රු. 317.37, පිළිවෙලින්.
කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 303.85 සිට රු. 300.88 ක් වන අතර විකුණුම් මිල රු. 317 සිට රු. 314.
සම්පත් බැංකුව වාර්තා කරන්නේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 305 සිට රු. 303 සහ රු. 317 සිට රු. 315, පිළිවෙලින්. පහල ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |