ජනපතිගේ මීළඟ සංචාරය ?

By Hashini Jun 08, 2025 01:40 AM GMT
Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනිද්දා (10 වැනිදා) රාත්‍රියේ ජර්මනියේ තෙදින නිල සංචාරයක් සඳහා පිටත් වීමට නියමිතය.

ජර්මනියේ චාන්සලර් ෆෙඩි්‍රක් මර්ස් මහතාගේ නිල ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුවනවා.

අධ්‍යාපනයට ,ආර්ථිකයට සුපිරි ග්‍රහයෝගයක් අද .. දවසේ ලග්න පලාඵල

අධ්‍යාපනයට ,ආර්ථිකයට සුපිරි ග්‍රහයෝගයක් අද .. දවසේ ලග්න පලාඵල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 11 වැනිදා සිට 13 වැනිදා දක්වා එම සංචාරයට එක් වනු ඇත.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජර්මානු රාජ්‍යයේ ඉහළ දේශපාලන අධිකාරිය, රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව හමුවීමට නියමිතය.

මෙම සංචාරයේදී වෙළෙඳ, බලශක්ති ඇතුළු ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිත බව පැවසේ.

අද තද සුළං සමග අනෝරා වැසි.පළාත් කීපයකට අවදානම්

අද තද සුළං සමග අනෝරා වැසි.පළාත් කීපයකට අවදානම්