මුළු රටටම පැය 48ක් අඳුරේ ඉන්න වෙයි..

Sri Lanka Udaya gammanpila Electric Bord Power out
By Aruna Oct 27, 2021 03:55 AM GMT
Aruna

Aruna

Report

මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව 29 වැනි දින කොළඹ දී ජාතික සභාවක් කැදවන වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටිනවා.

මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේ දී අමාත්‍යවරයා කියා සිටියේ ‘ලිහන්න ඇති මල්ල ඔබා බලන්නට කුමටද’ යනුවෙනි.

අම්මා තාත්තා වරදක් කලත් වැරදි බවයි මෙහිදී ගම්මන්පිල ඇමතිවරයා සඳහන් කර සිටියේ. ආණ්ඩුවේ සෙසු පක්ෂ 11ක නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල සහ වරාය වෘත්තීය සමිති කිහිපයක නායකයන් සමග බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්‍ෂ කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකින් පසු ඔහු මේ අදහස් පල කර සිටියා.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයයේ කැඳවුම්කරු රංජන් ජයලාල් කියා සිටියේ ඔවුන් වැඩ වර්ජනයකට පිවිසෙන බවයි.

”ආණ්ඩුව අපිට කියනවා. වැඩවර්ජනයකට පලයල්ලා. අඳුරේ තියපල්ලා.

එතකින් මෙහා අපි මේ නරුම ප්‍රතිපත්තිය මේ ගිවිසුම අකුල ගන්නේ නැහැ කියලා..ඒ නිසා අපි ජනතාවට කියනවා.

මේ තුවාලය සුව කරන්න ඔබට අපිට අඳුරේ ඉන්න වෙයි දවස් දෙකක්. අපි රට අඳුරට පත් කරනවා වැඩ වර්ජනයකට යනවා ” ඔහු සඳහන් කර සිටියා.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.