පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

By Shehan Apr 21, 2025 08:16 AM GMT
Report

වතිකානය නිවේදනය කරන පරිදි, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූහ.

88 හැවිරිදි වියේ පසුවූ උන් වහන්සේ, බ්‍රොන්කයිටිස් රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝමයේ ගෙමෙලි රෝහලට ඇතුළත් කෙරුණු අතර, පසුව සුවය ලබා ආපසු පැමිණියහ.

ඊයේ වතිකානයේ පැවති පාස්කු ඉරිදා ප්‍රධාන දේව මෙහෙයට ද උන් වහන්සේ සහභාගී වූයේ ජනතාව අතර ප්‍රීතියක් ඇති කරමින්.

තව මාස දෙකක් - ලෝකයම කැළඹෙන සුනාමියක් ගැන බාබා වන්ගාගේ අනාවැකිය මෙන්න!

තව මාස දෙකක් - ලෝකයම කැළඹෙන සුනාමියක් ගැන බාබා වන්ගාගේ අනාවැකිය මෙන්න!

වසර 12ක් රෝමානු කතෝලික පල්ලියේ නායකයා ලෙස කටයුතු කළ උන් වහන්සේ, සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දුන් අතර, වයස අවුරුදු 21දී පෙනහළුවලින් කොටසක් ඉවත් කිරීම ඇතුළු එම ගැටලු රෝගවලට ප්‍රධාන හේතුවක් ලෙස සැලකිණි. 2001දී දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන් විසින් කාදිනල් ධුරයට පත් කරන ලද උන් වහන්සේගේ පෞද්ගලික නම ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ විය. 2013 පෙබරවාරි 28 වැනිදා, 16 වැනි බෙනඩික් පාප් වහන්සේ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ධුරයෙන් ඉවත්වීමෙන් පසු, උන් වහන්සේ පාප් ධුරයට පත්වූ අතර, සිය නාමය ලෙස ෆ්‍රැන්සිස් තෝරා ගත්හ.

හැකරුන් ගත් අපේ Data Share කරන උන්ට වැඩ වරදී - කාගිල්ස් බැංකුවෙන් මහ ජනතාවට දැනුම්දීමක්!

හැකරුන් ගත් අපේ Data Share කරන උන්ට වැඩ වරදී - කාගිල්ස් බැංකුවෙන් මහ ජනතාවට දැනුම්දීමක්!

1936 දෙසැම්බර් 17 වැනිදා ආර්ජන්ටිනාවේ බුඑනොස් අයර්ස්හි ෆ්ලොරේස් ප්‍රදේශයේ උපන් උන් වහන්සේ, 1969දී ජේසු නිකායික පියතුමකු ලෙස පූජක ධුරයට පත්වූහ.