සැත්කමෙන් පසු පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය.
Vatican
By krishani
අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ උදරයේ ශල්‍යකර්මය සිදු කර තිබෙනවා.
එම ශල්‍යකර්මයෙන් පසුව උන්වහන්සේ ඊයේ (16) රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ උන්වහන්සේ සිනාමුසුව රෝද පුටුවකින් රෝමයේ ගෙමෙල්ලි රෝහලෙන් පිටව ගියේ ය.
එහිදී උන්වහන්සේ එළිමහනේ සිටි සුභ පතන්නන් පිරිසකට ස්තුති කර ඇති අතර 86 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2021 වසරේ සිට රෝහලේ රැඳී සිටි තුන්වන අවස්ථාව මෙයයි.
කෙසේවෙතත්, උන් වහන්සේ රෝහල්ගතව සිටින කාලය තුළ ළමා ස්නායු ශල්‍ය අංශයේ ප්‍රතිකාර ලබන දරුවන් බැලීමට ද ගොස් තිබෙනවා.
ඔවුන්ගෙන් ඇතැමුන් පාප්වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ලිපි සහ චිත්‍ර ද එවා ඇත.