නිල ඇඳුමෙන් ගිහින් නොමිලේ අරක්කු අරන් ගිය පොලිස් නිලධාරියෙකුට සිදු වූ දේ.
Sri Lanka Police
Sri Lanka
By Wayomi
නිල ඇඳුම ඇඳගෙනම මඩකලපුව ප්‍රදේශයේ මත්පැන් හල් දෙකකින් නොමිලේ මත්පැන් බාගේ බෝතල් දෙකක් රැගෙන ගිය පොලිස් පරීක්‍ෂකවරයෙකුගේ සේවය තහනම් කර තිබෙනවා.
ඔහු නිවාඩු ලබාගෙන ආපසු පොලිස් රාජකාරිය වාර්තා කිරීමට එද්දී මෙලෙස මත්පැන් බාගේ බෝතල් දෙක රැගෙන ගොස් තිබුණේ.
අදාල පොලිස් පරීක්‍ෂකවරයා වාකරේ පොලිසියේ ප්‍රජා ඒකකය භාරව ක්‍රියා කළ අයෙක් වන අතර ඔහු මෙම සිද්ධියෙන් පසු රෝගල් ගතවී සිටින බව වාකරේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේ.
