තියුණු ආයුධවලින් පොලිසියට පහර දුන් අයෙකු අත්අඩංගුවට

police modara mattakkuliya house park uva paranagama
By Sewvandhi Oct 16, 2021 03:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පිහි ඇනුමකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. මෝදර ප්‍රදේශයේදී එම සිද්ධිය වාර්තා විය. සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයෙක් ලෙස හඳුනාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අදාල පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමට යාමේදී පොලිස් නිළධාරීන් දෙදෙනා තුවාල ලබා ඇති බවය. සැකකරු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහල් ගතකර තිබේ

එමෙන්ම , නිවාස හා ව්‍යාපාරික ස්ථානවල නවතා තැබූ වාහන සොරකම් කිරීමේ සංවිධානාත්මක කණ්ඩායමක් ජා ඇල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිසිය සඳහන් කළේ, රුපියල් කෝටියකට අධික ත්‍රීරෝද රථ සහ යතුරු පැදි මොවුන් විසින් සොරකම් කර ඇති බවයි.

පසුව චැසි අංක සහ ලියාපදිංචි අංක වෙනස් කර ඔවුන් මෙම වාහන වෙනත් පුද්ගලයන්ට අලෙවි කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ත්‍රීරෝද රථ 20ක් සහ යතුරු පැදි 10ක් මෙලෙස පොලිසිය විසින් සොයාගෙන තිබූණා.

මේ අතර , ඌව පරණගම පොලිස් වසමේ මස්පන්න ප්‍රදේශයේ දී පුද්ගලයින් කිහිප දෙනෙක් අතර ආරවුලක් ඇති වී තිබෙනවා.

එහි දී බරපතළ ලෙස පහර කෑ එක් අයෙකු වැලිමඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි දී ඔහු මිය ගොස් ඇති බවට යි වාර්තා වෙන්නේ. මරණකරු, වයස අවුරුදු 57ක මස්පන්න - කොහිලේගම ප්‍රදේශයේ පඳිංචිකරුවෙක්.

මෘත ශරීරය වැලිමඩ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා ඉඳිරි පරීක්ෂණ, ඌව පරණගම පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති. 

එමෙන්ම , මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ චෝදනාව එල්ලවී ඇති සැකකරුවන් අද (15) තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයෙකු ඇතුළු සැකකරුවන් 15 දෙනෙකුටය.

එහිදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකරුවන් ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය. ඒ මෙම නඩුව අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවු අවස්ථාවේදීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now