ඔන්ලයින් පනත තදින් ක‍්‍රියාක්මක කරනවා - ඇමති විජේපාල

Report

අන්තර්ජාල අපරාධවල වර්ධනය වැළැක්වීම සඳහා අන්තර්ජාල ආරක්ෂණ පනත දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.

සමාජ මාධ්‍ය හරහා, විශේෂයෙන් තරුණ පරපුර, අන්තරායකර තත්ත්වයන්ට පත්වීම වැළැක්වීම මෙම පියවරෙහි අරමුණ බව ඔහු සඳහන් කළේය.

සමාජ මාධ්‍ය හරහා සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම්, ප්‍රචණ්ඩත්වය සහ සමාජ අසහනය ඇති කිරීමට හේතු වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලංකාවෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙයි

යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලංකාවෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙයි

මෙම අපරාධවලට කප්පම් ගැනීම්, අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය, කාන්තාවන්ගේ ඡායාරූප කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගෙන විකෘති කිරීම, සහ පාසල් දරුවන්ට අසභ්‍ය හා හානිකර වීඩියෝ බෙදාහැරීම ඇතුළත් බව ඔහු පැවසීය.

තම ඡායාරූපයක් ද කෘත්‍රිම බුද්ධිය යොදාගෙන විකෘති කර සමාජ මාධ්‍යවල පළ කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා හෙළි කළේය.

"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී

"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී

මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ඔහු අවධාරණය කළේය.

මෙම පනත් මගින් අන්තර්ජාල වේදිකා සහ ඒවායේ අන්තර්ගතයන් නියාමනය කරමින්, විශේෂයෙන් ළමුන් ඇතුළු පරිශීලකයන් හානිකර හා නීති විරෝධී අන්තර්ගතයන්ගෙන් ආරක්ෂා කිරීම අපේක්ෂා කරන බවත්, ලෝකයේ බොහෝ රටවල් මේ වන විට මෙවැනි නීති ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු පැවසීය.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

අද ලග්න කිහිපයකගේ අත ඇති මුදල් පවා නැතිවන දිනයකි, පරිස්සම් වෙන්න - මෙන්න අද ලග්න පලාපල

අද ලග්න කිහිපයකගේ අත ඇති මුදල් පවා නැතිවන දිනයකි, පරිස්සම් වෙන්න - මෙන්න අද ලග්න පලාපල