ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට...

By Parami Dissanayake Jun 29, 2024 02:56 PM GMT
Report

මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග වතුර එකතු වන ස්ථාන වැඩි වීමෙන් මදුරුවන් බෝවීම ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ඩෙංගු රෝගය වාර්තාවීම වැඩිවී ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

සුඩාන වැසියන්ගෙන් අඩක් දරුණු සාගතයකින් පෙළෙයි...

සුඩාන වැසියන්ගෙන් අඩක් දරුණු සාගතයකින් පෙළෙයි...

එමෙන්ම, පසුගිය අප්‍රේල් මාසයේ අවසන් සති 02 සිට මේ දක්වා ක්‍රම ක්‍රමයෙන් රෝගීන් වාර්තා වීම වැඩිවී ඇති අතර මේ වන විට මෙම වසර තුළ ඩෙංගු රෝගීන් 27,639ක් වාර්තා වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසා සිටියේ ය.

මේ වසරේ මුල් මාස 06 තුළ සංචාරකයන් ලක්ෂ 10 ඉක්මවා මෙරටට...

මේ වසරේ මුල් මාස 06 තුළ සංචාරකයන් ලක්ෂ 10 ඉක්මවා මෙරටට...

මේ අතර, පසුගිය 25 වැනිදා දවස තුළ මුළු දිවයිනෙන්ම රෝගීන් 140ක් වාර්තා වී තිබෙනවා ඒ අතරින්, කොළඹ දිස්ත්‍රික්කය තුළ රෝගීන් 46ක් වාර්තා වූ බවත් ඔහු සඳහන් කළේ ය.