නව පාප් වහන්සේ XIV ලියෝ නමින් හඳුන්වයි....

By Hashini May 09, 2025 06:52 AM GMT
Report

 රොබර්ට් ෆ්‍රැන්සිස් ප්‍රිවෝස්ට් කාදිනල් හිමිපාණෝ නව පාප් වහන්සේ ය.

උන්වහන්සේ 69 වැනි වියෙහි පසුවන ඇමෙරිකානු එක්සත් ජනපදිකයෙකු වන්නාහ .

ඇමෙරිකානුවෙකු පළමු වරට පාප් පදවියට පත්වූ පළමු අවස්ථාව වන්නේද මෙයයි.

චිකාගෝහි උපන් ප්‍රිවෝස්ට් කාදිනල් හිමියන්ට නිසැකව ම එම චරිතයට අවශ්‍ය ගුණාංග රාශියක් ඇති බව සැලකෙනවා.

හෙලිකොප්‍ටර් අනතුරෙන් හමුදාවේ 6ක් ජිවිතක්ෂයට(UPDATE)

හෙලිකොප්‍ටර් අනතුරෙන් හමුදාවේ 6ක් ජිවිතක්ෂයට(UPDATE)

වසර දෙකකට පෙර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, වතිකානයේ බිෂොප්වරුන්ගේ සංසදයේ ප්‍රධානියා ලෙස මාර්ක් වෙලෙට් බිෂොප්වරයා වෙනුවට ප්‍රිවෝස්ට් තෝරා ගත් අතර, ඊළඟ පරම්පරාවේ බිෂොප්වරුන් තෝරා ගැනීමේ කාර්යය උන්වහන්සේට භාර දුන්නේ ය.

උන්වහන්සේ පේරුහි අගරදගුරු පදවියට පත්වීමට පෙර වසර ගණනාවක් මිෂනාරිවරයෙකු ලෙස සේවය කළහ.

ප්‍රිවෝස්ට් කාදිනල් හිමි ඇමෙරිකානුවෙකු ලෙස පමණක් නොව, ලතින් ඇමෙරිකාව සඳහා වූ පාප් වහන්සේගේ කොමිසමේ ප්‍රධානියා ලෙස ද සැලකේ.

උන්වහන්සේ ප්‍රතිසංස්කරණවාදියෙකු ලෙස සැලකෙන නමුත් 69 හැවිරිදි වියේ පසුවන බැවින් පාප් පදවියට ළාබාල වැඩි යැයි සැලකිය හැකි ය. 

ලංකාවට ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්.....

ලංකාවට ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්.....