කෝටිපති ව්‍යාපාරික ඉංජිනේරුවරයාගේ අභිරහස් ඝාතනය පිටුපස ගිය CIDට හෙළිවු බිහිසුණු කරුණු
රුපියල් කෝටි 100කට ආසන්න දේපළ ලබාගැනීමේ අරමුණීන් මිතුරන් දෙදෙනකු අතින් ඝාතනය කෙරුණු බව කියන හලාවත කෝටිපති ව්‍යාපාරික ඉංජිනේරුවරයාගේ මළ සිරුර සොයා ගැනීම සඳහා නාවික හමුදාවේ කිමිඳුම් කණ්ඩායම් හලාවත කළපුවේ ලබන සතියේදී සෝදිසි මෙහෙයුම් අරඹන බව වාර්තා වනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් තිදෙනකු සහ මාරවිල ප්‍රදේශයේ නිතීඥයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇතැයි අද (28) පුවත්පත් ද වාර්තා කර තිබෙනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගනු ලබන්නේ මරණකරු විදේශගත වූ බවට ඇඟවීමට අදාළව ව්‍යාජ ලේඛන සකස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙනුයි. මෙලෙස ව්‍යාජ ලේඛන සකස් කර දීම සඳහා එම නිලධාරීන් ප්‍රධාන සැකකරුගෙන් එක් අයකු සදහා රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් ලබාගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී තිබෙනවා.
මරණකරු, 2019 මැයි මස 28 වැනිදා යූ එල් 225 දරන ගුවන් යානයෙන් විදෙස් ගතවූ බව හැඟවීම සඳහා මෙම ආගමන විගමන නිලධාරීන් ගුවන්තොටුපල දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ඇතැයි ද පුවත්පත් වාර්තාවල සඳහන්. ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු ඔහුගේ සියලු දේපළ සැකකරුවන් විසින් මාරවිල ප්‍රදේශයේ පදිංචි නිතීඥවරයකු මගින් “ව්‍යාජ ඇටෝනි බලපත්‍රයකින්” ප්‍රධාන සැකකරුගේ නමට ලිවීම හේතුවෙන් අදාළ නිතීඥවරයා ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පැවැත්වෙනවා.
මරණකරුට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් ව්‍යාජ අත්සන් සහිතව පවරාගෙන ඇති තවත් සැකකරුවකු සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශකයන් තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ද පැවසෙනවා. ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් පසු ප්‍රධාන සැකකරු ඉතාලියට ගොස්, මරණකරු එවන ආකාරයට එස් එම් එස් පණීවිඩ කිහිපයක් සැකකරුවන්ගේ මෙරට ජංගම දුරකතනවලට එවා ඇති බවත්, “මම කරදරයක් නැතුව ආවා. මම මෙහෙට වෙලා ඉන්නවා. මගේ දේපල ටික විකුණලා ඒකෙන් ඔක්කෝම ණය ටික ගෙවලා දාන්න” යනුවෙන් එහි සටහන් කර ඇති බවත් විමර්ශනවලදී හෙලිවී ඇතැයි වාර්තා වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |