පවතින ඖෂධ හිඟය පිළිබද වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසු දේ..

Report

ඖෂධ හිඟය මුළුමනින්ම එක රැයකින් නිමා කිරීමට නොහැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (31 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසුවේය.

දූෂණ විරෝධී පනත වෙනස් කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාවට අනුමැතිය..

දූෂණ විරෝධී පනත වෙනස් කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාවට අනුමැතිය..

ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට සාමාන්‍යයෙන් මාස 09 ත් 10 ත් අතර කාලයක් ගතවන බවත්, මෙම ක්‍රියාවලියට අදාළව පසුගිය කාලයේ සිදුවූ ප්‍රමාදයන් ගණනාවක් තිබෙන බවත් ඔහු කීවේය.

වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධවලට අදාළ තොරතුරු නිවැරදිව එකතු කරගෙන නොතිබූ බවත්, තොරතුරු නොතිබුණ ද යම් ඇස්තමේන්තුවකට අනුව ඖෂධ ඇණවුම් බාරදීමේ හැකියාව පැවැති බවත් ඇමැතිවරයා පැවැසීය.

දේශීය නිෂ්පාදකයන්ට ඖෂධ නිෂ්පාදනයට අදාළ ඇණවුම් නිසි වේලාවට ලබාදී නොතිබූ බවත් ඔහු පැවැසුවේය.

උදා වූ නව වසරට ජනපති, අගමැති හා විපක්ෂ නායකගෙන් රටවැසි ඔබ සැමට සුබ පැතුම්...

උදා වූ නව වසරට ජනපති, අගමැති හා විපක්ෂ නායකගෙන් රටවැසි ඔබ සැමට සුබ පැතුම්...

ඖෂධ සැපැයීම්වලට අදාළව සමහර සැපැයුම්කරුවන් තෝරා ගැනීමේ ක්‍රමවේදයේ ගැටලු පැවැති බවත්, සමහර සැපැයුම්කරුවන් ඖෂධ බාරදීම සිදුකර ඇත්තේ කොටස් වශයෙන් බවත්, ඇතැමුන් එක් කොටසක් බාරදීමෙන් පසුව ඉතිරි ඖෂධ කොටස බාරදී නොතිබූ බවත්, ඒවා මේ වනවිට නිවැරැදි කරමින් පවතින බවත් ඇමැතිවරයා කීවේය.

සියලු ඖෂධ කඩිනමින් රෝහල් පද්ධතියට ලබාදීමට රජය මැදිහත්ව කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

You may like this video