කලමුල්ලේ ටශීගේ මරුවා කොටුවේ..

Sri Lanka Police Sri Lanka Murder
By Piyumika Jun 17, 2024 03:56 AM GMT
Piyumika

Piyumika

Report

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසකට කඩා වැදි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මීගොඩ ගොඩගම නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය වාර්තා කළේය.

වෙඩි තැබීම උද්දික ප්‍රේමරත්නගේම සැලසුමක්?..රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වන අලුත්ම තොරතුරු..

වෙඩි තැබීම උද්දික ප්‍රේමරත්නගේම සැලසුමක්?..රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වන අලුත්ම තොරතුරු..

එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව වෙඩි තැබීමට භාවිතා කරන ලද ටි 56 වර්ගයේ ගිනි අවියක් සහ එම සජීවී පතරම් 15 කළුතර පළාතොට සූසාන භූමියක සඟවා තිබීයදි සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකරු විදේශ රටක සිට මෙරට සංවිධානාත්මක අපරාධ මෙහෙයුණු ලබන අපරාධකරුගේ සමීපතමයකු බවට අනාවරණය වී තිබේ .

ඉකුත් මස 20 වෙනිදින රාත්‍රියේදී කළුතර දකුණ කටුකුරුන්ද දුම්රිය පොල පාරේ නිවසක සිය දරු තිදෙනා සමග රාත්‍රී ආහාර ගනිමින් සිටි අසුරුමුණි තස්මින් මදුවන්ත සිල්වා නොහොත් කලමුල්ලේ ටශි (38) යන අයට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබිණි.

මෝටර් රථ අනතුරක් නිසා නැවත දැනුම් දෙන තුරු ජල සැපයුම අත්හිටුවයි ..

මෝටර් රථ අනතුරක් නිසා නැවත දැනුම් දෙන තුරු ජල සැපයුම අත්හිටුවයි ..

එම සිද්ධියෙන් අනතුරුව සැකකරු ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සමීප ඥාතී ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජනය කරමින් කප්පම් ඉල්ලීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් පයාගල පොලිසිය වෙත එම ඥාතීන් විසින් පැමිණිලි කර තිබිණි.