තැන තැන බුලත් කෙල ගහන අයට අද සිට වැඩ වරදී..කරන්න යන දේ මෙන්න..

By Sewvandhi Dec 08, 2021 10:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මහාමාර්ග වල තැනින් තැන බුලත් කෙළ ගසන පුද්ගලයන්ට විරුද්ධව අද සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට පොලිසියට දැනුම් දී ඇත.

පොලිස් ආරක්ෂණ සහ ජනාධිපති කාර්යාලයේ විශේෂ පැවරුම් හා පරිසර අංශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා පොලිස් පරිසර ඒකකයට මෙම උපදෙස් ලබාදී තිබේ.

මාර්ග වල තැනින් තැන කෙළ ගැසීමෙන් දැඩි අපවිත්‍ර තාවයක් ඇති වීම මෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තියද හේතුව නිසා ඒ වෙනුවෙන් නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කරනු ලැබීය.

දණ්ඩ නීති සංග්‍රහය අනුව එම වරද කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පැවරීම කළ හැකි බවද පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.

-------------------------------------------------------

YOU MAY LIKE THS VDEO..

ඩයනා සමගි ජන බලවේගයේ රෙදි ගලවයි-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW