රාජ්‍ය අංශය සතු ඉඩම් 04ක් යොෂිඩා පදනමට භාර දෙයි...
Ranil Wickremesinghe
Land Sailing
Sri Lanka
Prasanna Ranatunga
President of Sri lanka
By Parami Dissanayake
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු නිවාස ව්‍යාපෘති 04ක් යොෂිඩා පදනම මඟින් පවත්වාගෙන යන පෙර පාසල් සහිත භූමිය එම පදනමට පැවරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසන්නේ, කලුතර මත්තේගොඩ, නුවරඑළිය කුමාරගම, හොරණ අමරගම හා නිට්ටඹුව රංපොකුණගම ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස ව්‍යාපෘති ආශ්‍රිතව යෝෂිඩා පදනම පෙර පාසල් පවත්වාගෙන ගිය ඉඩම් එම පදනමට පැවරූ බව යි.
එමෙන් ම , ඊට අදාල හිමිකම් ඔප්පු ප්‍රදානය පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු කෙරුණු බවද සභාපතිවරයා
වැඩි දුරටත් පවසා සිටියි.