නියම කෙනාට හංගපු ගෝඩා බැරල් එක හම්බවෙලා තියෙන්නේ..බලන්නකෝ ඒක බීලා කරලා තියන දෙයක් ..(PHOTO)

Sri Lanka Police Sri Lanka Elephant
By Piyumika Sep 20, 2024 09:14 AM GMT
Piyumika

Piyumika

Report

ගම්මානයට බීමතින් කඩා වැදුණු වන අලියෙකු නිසා එම ගම්මුන් බිය වී තිබෙනවා. මෙම සිදුවීම ඊයේ (19) දහවල් කාලයේ දී වාර්තා වී ඇත්තේ පලාගල ප්‍රදේශයෙන්.

දැරියන් දෙදෙනෙකු පාසල් යන මුවාවෙන් ළමා නිවාසයෙන් පැන ගිහින්..

දැරියන් දෙදෙනෙකු පාසල් යන මුවාවෙන් ළමා නිවාසයෙන් පැන ගිහින්..

හෙට්ටියාව අලියා ගම්මානයට කඩා වදින අවස්ථාවේ දී දරුවන් පිරිසක් සෙල්ලම් බත් උයමින් සිට ඇති අතර ඔවුන්ගේ ජීවිත බේරී ඇත්තේ අනූ නවයෙන් බවයි පැවසෙනුයේ .

වනඅලියා ගම්මානයට කඩා වැදී විශාල දේපොළ හානියක් සිදු කර තිබෙනවා.

මෙහෙමත් හොරු.. ගෙදරට පැනල හොරකම් කරන් ගිහින් තියන දේ බලන්නකෝ ..

මෙහෙමත් හොරු.. ගෙදරට පැනල හොරකම් කරන් ගිහින් තියන දේ බලන්නකෝ ..

මෙම වන අලියා එම ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පෙරන ගෝඩා බැරලයකින් බී; ඉන් මත් වී මෙලෙස ගම්මානයට කඩා වැදී ඇති බවයි හෙළි ව ඇත්තේ.

අලියා කලහකාරී අයුරින් දිවවිත් වයස අවුරුදු 03-05ත් අතර වයසේ පසුවන දරුවන් තිදෙනකු සෙල්ලම් කරමින් සිටින ස්ථානයට පැමිණ දරුවන්ට පහරදීමට උත්සාහ දරා තිබෙනවා.

හිසේ තුවාලයකට රෝහලට ඇතුලත් කරපු රෝගියා මිය ගිය හේතුව ඇහුවොත් ඔයත් බයවෙනවා..

හිසේ තුවාලයකට රෝහලට ඇතුලත් කරපු රෝගියා මිය ගිය හේතුව ඇහුවොත් ඔයත් බයවෙනවා..

එම අවස්ථාවේදීම දෙමාපියන් විසින් දරුවන් බේරාගෙන ඇත. එම අවස්ථාවේ දී එක් දරුවෙකු ඇද වැටී සුළු තුවාල ලබා ඇති බවත්; එම දරුවන් මේ වනවිට සිදුවීමෙන් දැඩි කම්පනයකට පත් ව සිටින බව පැවසේ .

කලාවැව ජාතික උද්‍යානයට මායිම්ව ඇති හෙට්ටියාව ගම්මානය නිරන්තරයෙන් වනඅලි තර්ජනයට ලක්වන බවට ගම්වැසියන් චෝදනා කරනවා.

පොලිස් වාර්තාවක මිල කියක් කියලද හිතන්නේ..

පොලිස් වාර්තාවක මිල කියක් කියලද හිතන්නේ..

එමෙන්ම මෙවන් වනඅලි තර්ජන මධ්‍යයේ පවතින එම ගම්මානයේ ජනතාවට මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ඡන්ද මධ්‍යස්ථානය අලිමංකඩක පිහිටා ඇති බවට ද ගම්මුන් මැසිවිලි නගනවා.

කලාවැව ජාතික වනෝද්‍යානය වටා අලි වැටක් ඉදි කර තිබුණ ද, එය අක්‍රීය මට්ටමක පවතින බවත් සිය ගැටලුවලට බලධාරීන් නිසි විසඳුම් මෙතෙක් ලබා දී නොමැති බව ද ගම්වැසියන් මෙම සිදුවීමෙන් පසු යළි යළිත් සිහිපත් කර සිටිනවා.

නියම කෙනාට හංගපු ගෝඩා බැරල් එක හම්බවෙලා තියෙන්නේ..බලන්නකෝ ඒක බීලා කරලා තියන දෙයක් ..(PHOTO) | The Incident Of The Drunken Elephant නියම කෙනාට හංගපු ගෝඩා බැරල් එක හම්බවෙලා තියෙන්නේ..බලන්නකෝ ඒක බීලා කරලා තියන දෙයක් ..(PHOTO) | The Incident Of The Drunken Elephant නියම කෙනාට හංගපු ගෝඩා බැරල් එක හම්බවෙලා තියෙන්නේ..බලන්නකෝ ඒක බීලා කරලා තියන දෙයක් ..(PHOTO) | The Incident Of The Drunken Elephant