සුපිරි වෙළෙඳහලකදි තරුණියකට වටකර පහරදීමේ සිද්ධියට පොලිසියටත් චෝදනා. (PHOTOS)

Cargills Sri Lanka
By Wayomi Sep 23, 2023 06:38 AM GMT
Wayomi

Wayomi

Report

ඊයෙ (22) දිනයේ බොරැල්ල කොටා පාරේ සුපිරි වෙළඳසැලකදී තරුණියක අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය පිළිබඳව පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

ඔහු දැඩිව අවධාරණය කරන්නේ,නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මෙම සිද්ධිය පිළිබඳව වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතු බවයි.

මෙම සුපිරි වෙළෙඳ සැල තුළ දී තරුණියකට අමානුෂිකව පහර දීමේ සිද්ධිය සමාජ මාධ්‍යවල පළ වී පැය 24කට ආසන්න කාලයක් ගතවී තිබුණත්, පොලිසිය තවමත් ඒ වෙනුවෙන් කිසිදු පියවරක් නොගෙන ඇති බවයි පේනවා දෙන්නේ.

මේ අතර මේ සම්බන්දයෙන් කාගීල්ස් ෆුඩ්සිටි සුපිරි වෙළඳසැල් ජාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අදාල සිද්ධිය පිළිබඳ කනගාටුව පළ කරන බවත් එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව විනය පියවර ගන්නා බවත්ය.



GalleryGalleryGalleryGallery
ReeCha