තරුණ බිරිඳ ඉල්ලා සැමියෙක් පොලීසිය ඉදිරිපිට විශාල ගසකට නගී..ගසේ ඉදන් තරුණයා කරපු ඉල්ලීම මෙන්න.(PHOTOS)

Report

තමන් අතහැර ගිය දෙදරු පියෙකු විසින් තම බිරිඳ නැවත නිවසට ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් වව්නියාව මූලස්ථාන පොලීසිය ඉදිරිපිට පිහිටි ගසකට නැග ඊයේ (03) දිනයේ විරෝධතාවක නිරත වී තිබෙනවා.

තමන්ගේ බිරිඳ නොමැති වීමෙන් දරුවන්ටද ඉවසාගත නොහැකි බැවින් පොලීසියේ මැදිහත් වීමෙන් කෙසේ හෝ බිරිඳ නැවත නිවසට ගෙන්වා දෙන ලෙසට, වව්නියාව බණ්ඩරිකුලම් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අදාල දෙදරු පියා ඊයේ සවස වව්නියාව මූලස්ථන පොලීසිය ඉදිරිපිට පිහිටි ගසකට නැග කියා සිටියා.

රනිල් සහ සජිත් එකට එක් වෙයි..?හදිසියේම පක්ෂ දෙකේ සාමාජිකයින් කරන්න යන දේ මෙන්න..

රනිල් සහ සජිත් එකට එක් වෙයි..?හදිසියේම පක්ෂ දෙකේ සාමාජිකයින් කරන්න යන දේ මෙන්න..


ගසට නැග සිටි අදාල පුද්ගලයා බිමට බස්ව ගැනීමට පොලිස් නිලධරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ අතර, එම ස්ථනයේ පිරිස් රැස්වීමෙන් නොසන්සුන් තත්වයක්ද ඇති වූ අතර පසුව අදාල ගැටලුව සම්බන්ධයෙන් සොයා බලන බවට පොලීසිය පොරොන්දු වීමෙන් පසුව එම පුද්ගලයා ගසෙන් බිමට බැස ඇති අතර, පසුව ඔහු පොලිස් ස්ථනයට රැගෙන යාමට පොලීසිය විසින් පියවර ගෙන ඇත.

පසුව පොලීසියට ලැබී ඇති තොරතුරුවලට අනුව බිරිඳ අනියම් සම්බන්ධයක් හේතුවෙන් පවුල අතහැර ගොස් ඇතැයි සැක පල කරන බවටයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.