මැතිවරණ කොමිසම කාලගුණ වාර්තාව කැඳවයි...

Report

ඉදිරි දිනවල රටේ පවතින කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක පවසා සිටියේ ය.

ඡන්දපොළට නොයෑම බලවත් අත්වැරැද්දක්...

ඡන්දපොළට නොයෑම බලවත් අත්වැරැද්දක්...

එතුමා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, අයහපත් කාලගුණ තත්වයක් ඇතිවුවහොත් ඉන් ඡන්ද විමසීමට බාධා ඇතිවීම වැළැක්වීම සහ ඊට කල්තියා සූදානම්වීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙසේ වාර්තාවක් ලබාගත් බවයි.

තව, හෙට (20) දිනයේ සිට පැය තුනෙන් තුනට කාලගුණ වාර්තාවක් ලබා ගැනීමට ද කටයුතු කරන බව එතුමා කීවේය.

ශ්‍රී ලාංකිකයින් සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා...

ශ්‍රී ලාංකිකයින් සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා...

මේ අතර අයහපත් කාලගුණයෙන් සහ ආපදාවලින් ඡන්ද විමසීමට බාධා ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස මැතිවරණ කොමිසන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට පසුගියදා උපදෙස් දුන්නේ ය.

හදිසි ගංවතුර තත්වයක් ඇති වුවහොත් මුහුණදීම සඳහා ඔරු සහ අගුල් සූදානම් කරන ලෙස ද මැතිවරණ කොම්ෂන් සභාව නාවික හමුදාවටඋපදෙස් ලබා දී ඇත.