" මම රංජන් සර්ව බලෙන් පොලඹව ගත්තා.." ටියුෂන් ගුරුවරයෙකුට මුහුණ පෑමට සිදු වූ විශ්වාස කිරීමට නොහැකි කතාවක්..

මොරටුවේ රංජන් ටියුෂන් ගුරුවරයෙකි. හතලිස් දෙහැවිරිදි ඔහු විවාහකයෙකි. එක් දරු පියෙකි. දැනට මාස කීපයක සිට රංජිත් ආවේගශීලි වී ඇත.ඉක්මනින් කෝපයට පත් වෙයි. මනස අවුල් වී ඇත.  හිටි හැටියේ බිරියට පහර දෙන්නට එළවා ගෙන යයි. 

නිතර ශරීරය දනවා කියා කෑ ගසයි. වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් නොවූයෙන් ඒ වෛද්‍යවරයාගෙන් වැඩිදුර උපදෙස් අනුව මනෝ වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු විය. 

එහිදී රංජන් මෝහනයට ලක් කරන ලදී. රංජිත්ගේ ශරීරයට භූතාත්මයක් ආවිශ්ට වී අඬන්නට විය. 

“කවුද මේ අඬන්නේ?” “මම ඉමාලි“ භූතාත්මය උත්තර දුන්නාය. 

“කවුද ඉමාලියි කියන්නේ?” “මම රංජිත් සර්ගෙන් ඉගෙන ගත්ත කෙනෙක්.” 

“ඇයි මේ අඬන්නේ?” “මහත්මයා මාව සර් ළඟින් පන්නන්න නේද හදන්නේ? මට රංජිත් සර් නැතුව ඉන්න බැහැ. අනේ මට යන්න බැහැ මහත්මයා. මාව එළවන්න එපා.” 

“ඇයි ඔබ සර්ගෙ ඇඟට රිංගුවේ?” “සර් ලස්සනයි. මම සර්ට ආදරෙයි. මට සර් නොලැබුණ හින්දා තමයි මට මැරෙන්න සිද්ධ වුණෙත්.”

“ඇයි ඔබ දන්නේ නැද්ද මෙයා විවාහකයෙක් බව?”  “දන්නවා. දන්නවා. දරුවෙක් ඉන්න බවත් දන්නවා.” “ඉතින් ඇයි ඒ වගේ කෙනෙකුට ආදරය කළේ?” 

“මම අවුරුදු දහයක් පහළොවක්ම සර්ගෙන් තමයි ගණන් ඉගෙන ගත්තේ. සර් ලස්සනයි. අපේ ගෙදර ගෲප් ක්ලාස් එකේ තමයි සර් මට ඉගැන්නුවේ. මම ආදරය කරන බව දැනගෙන සර් මගෙන් ඈත් වෙන්න හැදුවා. මම බලෙන්ම සර්ව පොළඹවාගෙන සතුටු වුණා. දිගටම සම්බන්ධකම් පැවැත්තුවා.” එසේ කියමින් ප්‍රේතිය යළි අඬන්නට වූවාය. 

රංජිත් ප්‍රකෘති සිහියට පත් කොට මේ ඉමාලි කවුදැයි ගවේෂකවරයා ඔහුගෙන් ඇසීය.  “මේ ඉමාලි මගෙන් ඉගෙන ගත්ත ළමයෙක්. හරි ලස්සනයි. ඉමාලි මට ආදරය කරන්න පටන් ගත්තා. මම එයාට අවවාද කළා. ඒත් ඇහුවේ නෑ. මා පොළඹවා ගත්තා. මම මේ ගැන මගේ නෝනටත් කිව්වා.

ඉමාලිගෙන් ගැලවෙන්න බැරිම තැන මම ඉමාලිගේ අම්මට මේ ගැන කිව්වා. ඒ පාර ඒ අය ඉමාලි වෙන කෙනෙකුට විවාහ කර දුන්නා. ඊට පස්සෙ මම ඒ පැත්ත පළාතේ ගියේ නෑ. ඉමාලි විවාහ කර දුන්නේ ඈත ප්‍රදේශයකට. මම මගේ ෆෝන් නම්බර් පවා වෙනස් කළා. ඊට පස්සෙ ඉමාලි ගැන ආරංචියක් ලැබුණේ නෑ. මම හෙව්වෙත් නෑ” රංජිත් පැවසීය. 

“මට රංජිත් සර්ව ඕනෑ. රංජිත් සර් නැතුව මට ඉන්න බෑ. අම්මලා රංජිත් සර්ව අත හරින්න මට විවාහයක් කර දුන්නා. මට තරවටු කළා. අවවාද කළා. විවාහ වුණත් මගේ හිත තිබුණේ සර් ළඟ. ඒ නිසාම ඒ විවාහය අවුල් වුණා. අවුරුදු දෙකකට පස්සේ මම ගිනි තියාගෙන මැරුණා.”ප්‍රේතියය අඬමින් කියන්නට වූවාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now