පාසල් සිසුන් දෙදෙනකුට මත්පැන් පෙවූ නරුම 09 දරු පියා...
Police
School child
By Aruna
පාසල් සිසුන් දෙදෙනකුට බීමවලට මුසුකර මත්පැන් පෙවූ නව දරු පියකු හෙට (22 වැනිදා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහියංගණ මහෙස්ත්‍රාත් ඒ.ඒ. ප්‍රියංකර ලක්ෂ්මන් මහතා නියෝග කර තිබෙනවා.
වසස අවුරුදු නවයක හා දහයක අසල්වැසි දරුවන් දෙදෙනකුට මත්පැන් පෙවීමේ සිද්ධියකට අදාළව ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ මහවැලි ගම්මානයේ පදිංචි පෞද්ගලික ගොවිපොළක සේවකයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකරු නිවෙස ඉදිරිපිට මත්පැන් පානය කර සිටියදී එම දරුවන් දෙදෙනා දැක, ඔවුන්ට කතා කර පැණි බීම යැයි කියමින් මත්පැන් පොවා තිබෙන බවට මූලික විමර්ශන මගින් අනාවරණය වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
