පුංචි ඡන්දයේ නාම යෝජනා පත්‍ර වලට අද අධිකරණයෙන් ලැබුණු තීන්දුව

Election Local government Election Court of Appeal of Sri Lanka Sinhala news
By Hashini Apr 21, 2025 08:14 AM GMT
Hashini

Hashini

Report

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කල නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබු රිට් පෙත්සම් 60කට ආසන්න සංඛ්‍යාවක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියම කළා.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂය ,ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු දේශපාලන පක්‍ෂ සහ ස්වාධින කණ්ඩායම් විසිනි.

මෙම පෙත්සම් නිසි කාල සිමාව තුල ඉදිරිපත් කර නොතිබීම සැලකිල්ලට ගෙන මෙම තීන්දුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.

පාස්කු ප‍්‍රහාරය ගැන නාමල්ගෙන් විශේෂ හෙලිදරවුවක්

පාස්කු ප‍්‍රහාරය ගැන නාමල්ගෙන් විශේෂ හෙලිදරවුවක්

තීරණය ප්‍රකාශයට පත් කල අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා උප්පැන්න සහතික වල මුල් පිටපත් ඉදිරිපත් කිරීම , උප්පැන්න සහතික සාම විනිසුරුවරයා විසින් සහතික කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ දිවුරුම සම්බන්ධයෙන් ගැටළු සහ නිසි වෙලාවට භාර නොදීම යන කරුණු මත ප්‍රතික්ෂේපිත නාම යෝජනා යලි භාර නොගන්න ලෙස අධිකරණය මිට පෙර තේරීම් භාර නිලධාරියා වෙත නියෝග කර තිබෙනවා.

මෙම අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් මැතිවරණ ක්‍රියා මාර්ග ප්‍රමාද වීම නිසා මේ වන විට රජයට රුපියල් මිලියන 30 - 40 ක පමණ අලාභයක් සිදුවී ඇති බවද විනිසුරුවරයා පෙන්වා දුන්නා.

මෙම තත්වය සැලකිල්ලට ගන නිසි වෙලාවට මෙම පෙත්සම්කරුවන් අධිකරණයට නොපැමිණීම නිසාත් මැතිවරණ ක්‍රියාදාමය අනවශ්‍ය ලෙස ප්‍රමාද වීම වැලැක්වීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ප්‍රකාශ කර ඇත. 

රජයේ නිලධාරින් සම්බන්ධයෙන් නඩු 50ක්

රජයේ නිලධාරින් සම්බන්ධයෙන් නඩු 50ක්

ReeCha