රජයේ නිලධාරින් සම්බන්ධයෙන් නඩු 50ක්

Report

 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) රජයේ නිලධාරීන් සම්බන්ධ දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් නඩු 50ක් ගොනු කිරීමට පියවර ගනිමින් සිටිනවා.

මෙම නඩු දීර්ඝ කාලයක් තිස්සේ පැවති අල්ලස් හා දූෂණ විමර්ශන හා සම්බන්ධ වන අතර ඒවා අවසන් කර ඇති නමුත් අධිචෝදනා ගොනු කර නොමැති බවයි අල්ලස් කොමිසම පවසන්නේ.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළු රජයේ නිලධාරීන් මෙම නඩුවලට සම්බන්ධ අය අතර වනවා.

අල්ලස් කොමිසම පවසන්නේ ඒ වෙනුවෙන් ළඟදීම කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නියමිත බවයි.

හිටපු ජනාධිපති CID එයි

හිටපු ජනාධිපති CID එයි