නව ආයෝජන කලාප 07ක් පිහිටුවීමට සැලසුම්

Government Of Sri Lanka Economy of Sri Lanka Latest Headlines Sinhala news gagana news
By Shehan Aug 22, 2025 09:23 AM GMT
Shehan

Shehan

Report

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසන්නේ මෙම වසර තුළ නව ආයෝජන කලාප 07ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි.

එහි සභාපති අර්ජුන හේරත් මහතා සඳහන් කළේ, උතුරු පළාතේ ආයෝජන කලාප තුනක්, වයඹ, නැගෙනහිර සහ දකුණු පළාත්වල එක් එක් ආයෝජන කලාපය බැගින් පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි.

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට

අක්කර 300කින් යුත් උතුරු පළාතේ කන්කසන්තුරෙයි ආයෝජන කලාපයේ ඇඟලුම් හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ යෝජිත ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය.

අක්කර 200කින් යුත් පරන්තන් ආයෝජන කලාපයේ රසායනික නිෂ්පාදන කම්හල් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම, ඉරණවිල ආයෝජන කලාපයේ සංචාරක ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘති ස්ථාපනය කිරීමට ද සැලසුම් කර ඇත.

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආරක්ෂක හේතූන් මත දේශබන්දුගේ බන්ධනාගාරය වෙනස් කරයි

ආරක්ෂක හේතූන් මත දේශබන්දුගේ බන්ධනාගාරය වෙනස් කරයි