ඊශ්‍රායල ප්‍රහාරයෙන් ලෙබනනයේ මරණ 14ක්

By Shani Apr 27, 2026 02:59 AM GMT
Report

සටන් විරාමය ක්‍රියාත්මක වන පසුබිමක ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ලෙබනන වැසියන් 14දෙනෙකු මියගොස් තවත් 37 දෙනෙකු තුවාල ලබා තිබේ.

ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු ද සිටින බවය.

පවතින සටන් විරාමය නොතකා ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ නගර හතක වැසියන්ට වහාම ඉවත් වන ලෙස අනතුරු අඟවා තිබුණි.

ලෝක දේශපාලනයේ සුවිශේෂී හැරවුමක් - ඉරාන විදේශ ඇමති අද පුටින් හමුවෙයි

ලෝක දේශපාලනයේ සුවිශේෂී හැරවුමක් - ඉරාන විදේශ ඇමති අද පුටින් හමුවෙයි

කෙසේවෙතත් මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායල සෙබළෙකු ද මියගොස් ඇති බව ඊශ්‍රායලය තහවුරු කර ඇති අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ තම රටේ සහ සොල්දාදුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩිව ක්‍රියා කරන බවය.

මෙවන් පසුබිමක ඊශ්‍රායලය සටන් විරාමය උල්ලංඝනය කරන්නේ නම් තමන් ද ප්‍රහාර නතර නොකරන බව හිස්බුල්ලා සංවිධානය අවධාරණය කර ඇත.  

සුනාමි අනතුරක් ඇත්ද? ජපානයේ 6.2ක ප්‍රබල භූමිකම්පාවක්

සුනාමි අනතුරක් ඇත්ද? ජපානයේ 6.2ක ප්‍රබල භූමිකම්පාවක්