ලෝක දේශපාලනයේ සුවිශේෂී හැරවුමක් - ඉරාන විදේශ ඇමති අද පුටින් හමුවෙයි
By R.rishma
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි නිල සංචාරයක් සඳහා මොස්කව් නුවරට පැමිණීමට නියමිත බව රුසියානු විදේශ අමාත්‍යාංශය ඊයේ (26) තහවුරු කළේය.
මෙම සංචාරය අතරතුර අද (27) දින ව්ලැඩිමීර් පුටින් හමුවීමට නියමිත බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
එම සාකච්ඡාවලදී කලාපීය ආරක්ෂාව, සටන් විරාම පිළිබඳ කතාබහ සහ මැදපෙරදිග කලාපයේ වර්තමාන උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කෙරේ.
පසුගිය දින කිහිපය තුළ අබ්බාස් අරග්චි පාකිස්තානය සහ ඕමානය වෙතද සංචාරයන් සිදුකර ඇති අතර, මෙම රුසියානු සංචාරය ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයේ වැදගත් අදියරක් ලෙස සැලකේ.
එමෙන්ම ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවල නවතම ප්‍රගතිය පිළිබඳව කාසෙම් ජලාලි විසින් මොස්කව් පාලනය දැනුවත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බව සඳහන් කරයි.