දින 5ක් වයසැති බිළිඳිය මිතුරියට දී මාරු වූ මව.

Sri Lanka Police Sri Lanka
By Wayomi Jun 07, 2023 09:53 AM GMT
Wayomi

Wayomi

Report

ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ දී දින 5ක් වයසැති බිළිඳියව, හොඳම යෙහෙළිය රවටා ඇයට බාර දී පලා ගිය පුවතක් වාර්තා වෙනවා.

හෝටල් කාමරය තුළ දී බිලිඳියට මවුකිරි දී හදිසි ගමනක් ගොස් එන තෙක් දරුවා හොඳින් බලා ගැනීමට යැයි කියා යෙහෙළිය පිටත්ව ගිය බවත් සවස් වන තෙක් නොපැමිණි බවත් කියමින් 23 හැවිරිදි තරුණියක සිඟිති දරුවා වඩාගෙන ගලේවෙල පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර තිබෙනවා.

පුත්තලම මූලික රෝහලේ දී තම යෙහෙළිය දරුවකු ප්‍රසූත කළ බවත් ඇය ද, ඇය ප්‍රසූත කළ දරුවා ද කැටුව ඉකුත් 4 වැනිදා ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණ කාමරයක් කුලියට ගෙන නවාතැන් ගෙන සිටි බවත් බිලිඳිය රැගෙන පොලීසියට පැමිණි 23 හැවිරිදි තරුණිය පවසනවා.

මෙලෙස බිලිඳිය හොඳම යෙහෙළිය රවටා ඇයට භාර දී පලා ගිය කාන්තාව වැලිමඩ, මොරගොල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවකි.

පසුව පොලිසිය භාරයට ගත් දින 5ක් වයසැති බිලිඳිය දඹුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ගලේවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සහ නිලධාරිනියන් කණ්ඩායමක් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW